කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පැරදීමට සිරුරේ ප්‍රතිශක්තියක් ඇති වෙනවා යැයි පැවසෙන මැඩගස්කරයේ නිෂ්පාදිත සුවිශේෂී අරිෂ්ටයක් ඇණවුම් කිරීමට ටැන්සානියාව පියවර ගෙන තිබෙනවා.
ටැන්සානියාව නැගෙනහිර අප්‍රිකා රාජ්‍යයක් වන අතර මැඩගස්කරය යනු, අප්‍රිකාවට ඔබ්බෙන් පිහිටි දූපත් රාජ්‍යයක්.
'කොවිඩ් ඕර්ගැනික්ස්' නමින් නම් කළ මෙම අරිෂ්ටය නිෂ්පාදනය කර ඇත්තේ මැඩගස්කරයේ පාරම්පරික වෛද්‍යවරුන්ගේ වට්ටෝරුවකට අනුවයි.
කොවිඩ් ඕර්ගැනික්ස් බෝතල් තොගයක් විශේෂ ගුවන් යානයක් යවා ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත්තේ ටැන්සානියා ජනාධිපති ජොන් මගුෆූලි යි.
මෙම අරිෂ්ටයට කොරෝනා පැරදීමට හැකි බව නිවේදනය කළේ මැඩගස්කර් ජනපති ඇන්ද්‍රේ විසිනුයි. ඒ මීට සතියකට පෙර විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.
මෙය පානය කිරීමෙන් වෛරසය ආසාදනය වීම වැළකී යනවා මෙන්ම, ආසාදිතයින් අරිෂ්ට පානය කිරීමෙන් ඉක්මන් සුවය ලබන බව මැඩගස්කර් වෛද්‍යවරුන් ද පවසා තිබෙනවා.
අරිෂ්ට නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදු කරන්නේ මැඩගස්කර් රජය මඟින් පවත්වාගෙන යනු ලබන මැලැන්ගිසි ආයතනයයි. මෙය විද්‍යා පර්යේෂණ ආයතනයක්. බෝතලයක මිල ඇමරිකන් ඩොලර් 40ක්.
ටැන්සානියා ජනාධිපතිවරයා පමණක් නොව කොංගෝ රාජ්‍යයේ ජනාධිපතිවරයා ද මේ වන විට අරිෂ්ටය ගෙන ඒමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා.
මෙම අරිෂ්ටය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයාගේ ද අවධානය යොමුව ඇති අතර ඔහු පවසා ඇත්තේ පාරම්පරික ඖෂධ යොදා අරිෂ්ටවලට කොරෝනා අඩපණ කිරීමේ හැකියාවක් තිබෙනවා යන්නයි.
කෙසේ වෙතත්, මෙම අරිෂ්ටය කොවිඩ්-19 සඳහා නිල ඔසුවක් ලෙස පිළිගැනීමට නොහැකි යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැහැදිලි කර තිබෙනවා.
