කොළඹ කොටස් වෙළඳපොල අද විවෘතවෙයි
Monday, 11 May 2020 - 9:03 | Views - 469
කොරෝනා වසංගත තත්ත්වය මත පැනවුණු ඇඳිරි නීතිය හේතුවෙන් පසුගිය මාර්තු 20 වනදා සිට අත්හිටවනු ලැබූ කොළඹ කොටස් වෙළඳපොල මාස එකහමාරකට පසු අද ආරම්භ කෙරෙනවා.
ඒ අනුව පෙරවරු 10.30 සිට 11 දක්වා පූර්ව ගනුදෙනු සැසිය ක්‍රියාත්මක වන අතර, 11ට විවෘත වෙන්දේසිය සිදුකිරීමට නියමිතයි.
ඉන් පසු පෙරවරු 11 සිට 1 දක්වා කොටස් වෙළදපොළ සාමාන්‍ය ගනුදෙනු ක්‍රියාත්මක වනු ඇති.
Share This Article