පෞද්ගලික ගමන් තහනම් - පොදු ප්‍රවාහනය රාජකාරී සේවා සඳහා පමණයි
Monday, 11 May 2020 - 8:19 | Views - 713
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කරනු ලැබූ උපදෙස් ලබාදීම්වලට අනුව තවත් සති දෙකක කාලයක් සඳහා සාමාන්‍ය ජනතාවට දුම්රිය හෝ ශ්‍රී ලංගම බස් රථවලින් ප්‍රවාහන සේවාවන් ලබානොදීමට තීරණය කර ඇති බවයි විෂයභාර අමාත්‍යවරයා කියා සිටියේ.

ත්‍රිරෝද රථවල උපරිමයෙන් ගමන් කළ හැක්කේ වැඩිහිටියන් දෙදෙනෙකුට පමණක් වන අතර, කුලී මෝටර් රථ සඳහා අවසර ලැබෙන්නේ රියදුරන් හැර වැඩිහිටියන් තුන්දෙනෙකුට පමණයි.

මේ අතර වෙසක් පොහොය නිවාඩු දින වෙනුවෙන් වසා තැබුණු කොළඹ මැනිං පොදු වෙළඳපොල අද දිනයේ තොග වෙළඳාම සඳහා අලුයම 4 සිට විවෘත කළ බව මැනිං පොදු වෙළඳ සංගමය පවසනවා.

එහි උප සභාපති නිමල් අත්තනායක ව්‍යාපාරික ප්‍රජාවගෙන් සහ පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙසයි.

එමෙන්ම, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය උදෑසන 6 සිට පස්වරු 6 දක්වා තොග හා සිල්ලර වෙළදාම සඳහා යළි විවෘත කරනු ලැබුවා.

එමෙන්ම, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ද තොග වෙළදාම සඳහා උදෑසන 5 සිට පස්වරු 2 දක්වා විවෘත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් ඇඳිරි නීතිය ලිහිල් කරමින් රට යථා තත්ත්වයට පත් කරන අද දිනයේ දිවයින පුරා 55,000ක විශේෂ පොලිස් කණ්ඩායමක් රාජකාරියේ යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top