වැටුප් ලබාදෙන්නැයි කළ ඉල්ලීමට ගුරු සංගම් සහ සංවර්ධන නිලධාරීන්ගේ විරෝධය
Monday, 11 May 2020 - 7:59 | Views - 1,202
මැයි මාසයට අදාළව රුපියල් 5000 දීමනාව ගෙවීම අද ආරම්භ කෙරෙනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ මේ මස 15 වනදා දක්වා නිවෙස්වලට ගොස් එම දීමනාව ගෙවන ලෙස ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් දී ඇති බවයි.
මේ යටතේ වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගීන් සඳහා දීමනා මෙන්ම ගොවි විශ්‍රාම වැටුප, ධීවර විශ්‍රාම වැටුප සඳහා හිමිකම් ලැබූ පුද්ගලයින්ට රුපියල් 5000ක දීමනාව ලබාදෙනු ඇති.
මේ අතර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් රාජ්‍ය සේවකයින්ගේ මේ මස වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය සහ සංවර්ධන නිලධාරී සේවා සංගමය සිය විරෝධය පළ කළා.
Share This Article