පෙබරවාරි මස ගෙවපු විදුලි බිලට සමාන බිලක් ගෙවන්න , ඊට වඩා ගෙවන්න අවශ්‍ය තාවයක් නැහැ
Sunday, 10 May 2020 - 18:46 | Views - 1,700

විදුලි බිල් නිකුත් කිරීමේදී මණ්ඩලයේ සමහර අංශවල අතපසු වීමක් නිසා වැරදි ලෙස විදුලි බිල් ගිය බවට පැමිණිලි ලැබි තිබෙන බවත් එම නිසා එම වැරැද්ද නිවැරදි කරන ලෙස තමන් වහාම නියෝග කළ බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේ අද (10) පෙරවරුවේ අම්බලන්තොට හුංගම නගරයේ පැවති උත්සවයකදී මාධ්‍යට අදහස් දක්වමින්.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:
'' අපි විදුලි පාරිබෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ පෙබරවාරි මස ගෙවපු විදුලි බිලට සමාන බිලක් ගෙවන ලෙසත් ඊට වඩා ගෙවන්න අවශ්‍ය තාවයක් නොමැති බවයි පසුව අපි ඒ ගෙවීම් නියමිත පරිදි කරන්න අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම යම් ආකාරයක ගෙවීමක් කරලා තියෙනවානම් ඒ අයට ඉදිරි කාලයේදී ඒ මුදල අඩුකිරීමට කටයුතු කරනවා ඒ වගේම මණ්ඩලයත් මුදල් අවශ්‍ය තාවය තියෙනවා ඒ නිසා හැමෝම විදුලි බිල ගෙවන්නත් කටයුතු කරන්න කියල අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ''
"ඒ වගේම පොදු ප්‍රවාහන සේවය සදහා දුම්රිය හෝ බස් රථ ලබාදීමට දැනට බලා පොරොත්තුවක් නැ නමුත් තත්වය යහපත් අතට හැරුනොත් යම් ප්‍රමානයක් අඩුම ගානේ සිට් ගානටවත් ගෙනියන්න අවසරය ලබා ගන්න පුළුවන් කම ලැබෙයි කියලා බලා පොරොත්තු වෙන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියා."
Share This Article