සියළු අධිවේගී මාර්ග හෙට සිට විවෘතයි
Sunday, 10 May 2020 - 18:37 | Views - 808
සියළු අධිවේගී මාර්ග හෙට උදෑසන 7 සිට විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්රකාශ කළා.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉකුත් සතියේ සිට විවෘතව පවතින අතර කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය ද හෙට සිට විවෘත කෙරෙනු ඇති.
රැකියා සඳහා පැමිණෙන රාජ්ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට ඒ අනුව අධිවේගී මාර්ගය භාවිත කළ හැකි වනවා.
දැනට රට තුළ ක්රියාත්මක නීති රීති යටතේ පොලීසිය අධිවේගී මාර්ග ඔස්සේ සිදුකෙරෙන ගමනාගමන කටයුතු අධීක්ෂණය කරනු ඇති.
Share This Article