නිවසේ සිට නිරෝධායනයවීම යනු කුමක්ද...? - නොදන්නවා නම් දැනගමු
Tuesday, 17 March 2020 - 20:43 | Views - 2,839
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට දින 14ක කාලයක් නිවසේ සිට නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය
උපදෙස් ලබා දී තිබුණා.

නිවසේ සිට නිරෝධායනයවීම යනු කුමක්ද..?



‘‘නිවසේ සිට නිරෝධායනය“ යන සංකල්පය යටතේ සිදු කෙරෙන්නේ පෙනුමෙන් සෞඛ්‍ය සම්පන්න, එහෙත් අවදානම් සහිත තැනැත්තෙකු සෞඛ්‍ය සේවා සපයනු නොලබන ව්‍යූහයක් යටතේ වෙන් කර තැබීමයි. නිවසේ සිට නිරෝධායනයේදී අනුගමනය කළයුතු ප්‍රධාන කරුණු 10ක් තිබෙනවා. එනම්,  විදේශ ගතව සිට පැමිණි පුද්ගලයා යහපත් වාතාශ්‍රයක් සහිත වෙනම කාමරයක පවුලේ සෙසු සාමාජිකයින්ගෙන් වෙන්ව සිටීම. පවුලේ ඕනෑම සාමාජිකයෙකු සමඟ ගනුදෙනු කිරීමේදී අවම මට්ටමින් මීටරයක පරතරයක් පවත්වා ගැනීම. නිරන්තරයෙන් සබන් යොදා තත්පර 20ක් පමණ දෑත් සේදීම. පිරිසිදු නොකළ දෑතින් ඇස්, නාසය සහ මුඛය නොඇල්ලීම. නිරෝධායනයට ලක්වන පුද්ගලයා වෙනුවෙන් වෙන් කර ලද පිඟන්, කෝප්ප, ඇඳ ඇතිරිලි පවත්වාගෙන යාම සහ එවැනි දෑ සබන් යොදා නිසි ලෙස සෝදා පිරිසිදු කර ගැනීම. නිවසේ සිටියදීම දිනකට දෙවරක් ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර බැලීම යන කරුණු ප්‍රධාන වනවා.

ඊට අමතරව ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන අවස්ථාවලදී උණ තත්ත්වයක් හඳුනා ගන්නේ නම් සහ කැස්ස, ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීම.

නිරෝධායනයට ලක්වන පුද්ගලයා වෙනුවෙන් භාවිත කිරීම සඳහා වෙනම වැසිකිලි පහසුකම් නොමැති අවස්ථාවලදී පවුලේ සෙසු සාමාජිකයින් වැසිකිලි භාවිතයට පෙර ජල කරාම ආදිය සබන් යොදා පිරිසිදු කර ගැනීම. නිරෝධායනයට ලක්වන පුද්ගලයා හැකි තරම් අමුත්තන් හමුවීමෙන් වැළකී සිටීම සහ අමුත්තන් හා කතා බහ කිරීමෙන් වැළකීම. නිරෝධායනයට ලක්වන තැනැත්තා භාවිත කරන මුහුණු ආවරණ, අත්වැසුම් ආදිය නිසි පරිදි බැහැර කර ආවරණය කරන ලද බඳුන්වලට බහාලීම යන කරුණු ද ස්වයං නිරෝධායනයේදී අනුගමනය කළයුතු කරුණු ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙනවා.


Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 642 Views
Top