1885 දී මුහුදුබත් වූ නැවේ කැණීම් ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයෙන් අරඹයි
Friday, 17 January 2020 - 8:15 | Views - 544
උතුරු මුහුදු තීරයේ මුලතිව්වලදී 1885 වර්ෂයේ දී මුහුදුබත්වූ එස්.එස් ඉන්ඩස් :ිගි සබාමි* නමැති භාණ්ඩ හා මගී ප‍්‍රවාහන නෞකාවේ ප‍්‍රධාන කැණීම් කටයුතු ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් ආරම්කොට ඇත.
 
 මෙකී නෞකාව මදුරාසියේ සිට කොළඹ හරහා එංගලන්තය බලා යාත‍්‍රා කරමින් තිබියදී 1885 නොවැම්බර් 10 වැනිදා මුලතිව් මුහුදු තිරයේ දී මුහුදුබත් වී ඇති බැව් ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය පෙන්වා දෙයි. ඉන්දියාවේ ක‍්‍රිස්තු පූර්ව 02 වැනි සියවසට අයත් භාරුත් ගල්කැටයම් හා කෞතුක භාණ්ඩ එංගලන්තයේ කෞතුකාගාරය වෙත රැගෙන යමින් සිටියදී මෙකී නෞකාව අනතුරට ලක්ව ගිලී ගොස් ඇත. එස්.එස් ඉන්ඩස් නමැති නෞකාව පී.එන්. ඕ සමාගමට අයත් වාෂ්ප බලයෙන් ක‍්‍රියා කරන යකඩ නෞකාවකි.
 
 ඉකුත් වසරේ (2019) සැප්තැම්බර් හා ඔක්තෝබර් යන මාසවලදී මෙකී නෞකාවේ ප‍්‍රධාන කැණීම් කටයුතු ආරම්භ කළ බැව් ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි. නෞකාව වැලිවලින් වැසී ඇති බව පවසන මුහුදු පුරාවිද්‍යා ඒකකය නෞකාවේ කොටසක් හමුවී ඇති අතර පී.එන්. ඕ සමාගමේ ලාංඡුනය සහිත භාජනයක්, පුරාවස්තු කොටස් හා
 
 පිගාන්වල කැබලි හමුවී ඇති බව ද පවසයි. මෙම නෞකාව මුලතිව් නගරයේ සිට කිලෝමීටර් 06ක් දුරින් පිහිටා ඇත. දියඹේ මීටර් 11ක පමණ ගැඹුරේ නෞකාව ගිලී ඇති බව මුහුදු පුරාවිද්‍යා ඒකකය පෙන්වා දෙයි.
 
 නෞකාව වැලිවලින් වැසී ඇති නිසා වැලි හාරා, වැලිකොට්ට ගසා, නෞකාවේ කැණීම් කටයුතු අරම්භ කළ බව පවසන මුහුදු පුරාවිද්‍යා ඒකකය තවදුරටත් මෙකී නෞකාවේ කැණීම් කටයුතු සිදු කරන බව පවසයි. මෙකී නෞකාවේ දකුණු දිශාවෙන් බොයිලේරු 2ක් සොයාගැනීමට හැකිවී ඇති අතර නෞකාවේ දැනට ශේෂව ඇති අවශේෂ අනුව දිග මීටර 42කි. එහි පළල මීටර 10.60 කි. එක් බොයිලේරුවක විශ්කම්භය මීටර 2ක් හා අනෙක් බොයිලේරුවේ විශ්කම්භය මීටර 3.35 කි.
 
 අතීත ලේඛනගත තොරතුරු හා මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් කරනු ලැබූ ගවේෂණ කටයුතු අනුව නෞකාවේ දිග හා පළල සමාන නිසාත් පී.එන්. ඕ සමාගමේ ලාංඡුනය සහිත භාජනයක් හමුවී ඇති නිසාත් ගිලී ඇති නෞකාව එස්.එස් ඉන්ඩස් නමැති නෞකාව බවට හඳුනා ගෙන ඇති බව ද ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top