රත්නපුර සහ චවලකඩේ අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට
Thursday, 16 January 2020 - 16:23 | Views - 423
රත්නපුර - මල්වල - හිරහඳපාන දොල අසලදී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ත්‍රිරෝද රථයේ රියදුරා මෙලෙස මියගොස් ඇති අතර 37 හැවිරිදි ඔහු වේවැල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුරෙන් ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් ගත් කාන්තාවක් ද තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ අතර, චවලකඩේ - අන්නමලේ - කුඩියිරුප්පු මුනෛ ප්‍රදේශයේ යතුරුපැදි දෙකක් මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ද එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
Share This Article