අනිද්දා කොළඹ ප්රදේශ රැසකට ජල කප්පාදුවක්
Thursday, 16 January 2020 - 15:22 | Views - 659
අඹතලේ ජල පවිත්රාගාරයේ වාර්ෂික නඩත්තු කටයුතු හේතුවෙන් අනිද්දා පෙරවරු 9 සිට පැය 22 ක කාලයක් කොළඹ ප්රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ ඒ අනුව, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්රදේශ සහ කොටිකාවත්ත - මුල්ලේරියාව ප්රාදේශීය සභා බල ප්රදේශයට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
එසේම, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට ද මෙම ජල සැපයීම අත්හිටුවීම ක්රියාත්මක වනවා.
Share This Article