ට්‍රම්ප්ට් එරෙහි දෝෂාභියෝගය තවත් පියවරකින් ඉදිරියට
Thursday, 16 January 2020 - 12:45 | Views - 273
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනා සෙනට් මණ්ඩලය වෙත ගොනු කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමේ ඡන්ද විමසීම නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ජය ගෙන තිබෙනවා.
අදාල යෝජනාවට පක්ෂව ඡන්ද 228ක් ලැබුණු අතර විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද 193ක් පමණයි.
ට්‍රම්ප් ගේ විරුද්ධ පාක්ෂික ඩිමොක්රටික් සභිකයන් විසින් පසුගිය මාසයේදී දෝෂාභියෝගයක් සම්මත කරනු ලැබුවේ බලතල අවභාවිත කිරීම සහ කොංග්‍රසයේ කටයුතු වලට බාධා කිරීම යන චෝදනා යටතේයි.
කෙසේ වෙතත් ට්‍රම්ප් ධුරයෙන් ඉවත් කරනවාද නැද්ද යන්න තීරණය කරනුයේ සෙනට් මණ්ඩලයයි.
සෙනට් මණ්ඩලයේ බලය ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය වෙත හිමිව ඇති නිසා ඔහු මේ දෝෂාභියෝගය ජය ගන්නා බවට බොහෝ දෙනා මත පළ කරනවා.
මේ වන විට අදාල චෝදනා සෙනට් මණ්ඩලය වෙත යොමු කර ඇති අතර අද (16) එම චෝදනා සෙනට් මණ්ඩලය විසින් ප්‍රසිද්ධියේ කියවීමට නියමිතයි.
Share This Article