මහනුවර මහනගර සභාවේ එජාප අයවැය පරාදයි
Friday, 27 December 2019 - 18:09 | Views - 506
එක්සත් ජාතික පෙරමුණට බලය හිමි මහනුවර මහ නගර සභාවේ 2020 වසර සඳහා වන අයවැය ඊයේ දෙවන වරටත් පරාජයට පත්වුණා.

එහිදී අයවැයට විපක්ෂව ඡන්ද 21 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 19 ක් පමණයි.

මහනුවර මහනගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙකු නියෝජනය කරන අතර, ඉන් 19 දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එක්ව අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

2020 වසර සඳහා වන අයවැයට අදාළ ඡන්ද විමසිම පළමු වරට සිදුකරනු ලැබුවේ පසුගිය 19 වනදායි.

එහිදී අයවැය පරාජයට පත්වීමෙන් අනතුරුවයි මෙලෙස දෙවනවරට ඊයේ දිනයේදී ඡන්ද විමසීම සිදුකරනු ලැබුවේ.

මෙලෙස අවස්ථා දෙකකදී මහනුවර මහනගර සභාවේ අයවැය පරාජයට පත්වූයේ ඉතිහාසයේ පළමු වතාවටයි.
Share This Article
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top