අහසේ අමුතුම අසිරියක් අද රාත්‍රියේ... ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි ඩෙල්ටා ඇක්වාරිට්ස් උල්කාපාත වර්ෂාව..
Wednesday, 29 July 2026 - 12:14 | Views - 27
මේ වසරේ දකින්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් වන ''ඩෙල්ටා ඇක්වාරිට්ස්'' උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ සහ හෙට අළුයම් කාලයේදී ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමට හැකි බව අභ්‍යාවකාශ විද්‍යාඥ, ඉංජිනේරු, කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා ප්‍රකාශ කළා.
මෙම උල්කාපාත වර්ෂාව කුම්භ නමැති තාරුකා රාශියේ ඩෙල්ටා ඇක්වාරිට්ස් යන තරුව ආශ්‍රිතව දකින්නට ලැබෙන බව ඒ මහතා පෙන්වා දුන්නා.
මෙහිදී පැයකට උල්කාපාත 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් දකින්නට හැකි බවත්, රාත්‍රී කාලය පුරාම එය නිරීක්ෂණය කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article