මුළු ඉන්දියාවම කැළඹෙයි.. විජේ තමිල්නාඩුව ජයගනිද්දී, ත්‍රිෂා උපන්දිනය සමරයි..
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත් සමඟ, කාගේත් අවධානය දකුණු ඉන්දීය සුපිරි නිළි ත්‍රිෂා ක්‍රිෂ්ණන් (Trisha Krishnan) වෙත යොමුවීමට පටන්ගෙන තිබෙනවා.
පසුගිය කාලය පුරාම ඇය දේශපාලනයට පිවිසෙන බවට කටකතා පැතිරුණත් විජේගේ නිවස අසලදී සිදුවූ මේ නවතම සිදුවීම මුළු ඉන්දියාවම මවිත කරන්න සමත්වෙලා තිබෙනවා.
මැයි 4 වනදා විජේගේ පක්ෂය ආසන 108ක් ජයග්‍රහණය කරමින් තමිල්නාඩුවේ තනි විශාලතම පක්ෂය බවට පත්වනවිට, එම දිනයම ත්‍රිෂාගේ 43 වන උපන් දිනය යෙදී තිබීම විශේෂත්වයක්.
එදින උදෑසන තිරුපති කෝවිලේ වන්දනාමාන කිරීමෙන් අනතුරුව ඇය කෙළින්ම පැමිණ ඇත්තේ චෙන්නායිහි පිහිටි විජේගේ නිවසට බව වාර්තාවුණා.
ඇය විජේගේ නිවසින් පිටව යන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මේ වනවිට අන්තර්ජාලය පුරා ලැව්ගින්නක් සේ පැතිරයමින් පවතින බව වාර්තා කරලා තිබෙනවා.
විජේ හා ත්‍රිෂා අතර පවතින බව කියන සමීප සම්බන්ධතාවය පිළිබඳව කාලයක සිට කතාබහක් පැවති අතර මේ හමුවීමත් සමඟ එම කටකතාවලට අලුත් පණක් ලැබී තිබෙනවා.
විජේගේ "තමිලග වෙට්‍රි කසාගම්" (TVK) පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට තවත් අවශ්‍ය වන්නේ ආසන 10ක් පමණයි. මෙවැනි තීරණාත්මක මොහොතක ත්‍රිෂා ඔහුව හමුවීම දේශපාලන ගමනක ආරම්භයක් දැයි විචාරකයින් ප්‍රශ්න කර සිටිනවා.
සිනමා ක්ෂේත්‍රය මෙන්ම දේශපාලන ක්ෂේත්‍රය ද එකසේ කුතුහලයට පත්කිරීමට මේ රහසිගත හමුවීම සමත්වෙලා තිබෙනවා.