තමන්ගේ කටහඬයි රූපයයි බේරාගන්න Taylor Swift කරපු දේ.. හොලිවුඩයම හෙල්ලූ පුවතක් මෙන්න.
Thursday, 30 April 2026 - 11:39 | Views - 60

ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය පියවරක්ගෙන තිබෙනවා.
ඒ තමයි වර්තමානයේ වේගයෙන් පැතිරයන කෘතිම බුද්ධිය (AI) මගින් සිදුකරන අනිසි අනුකරණයන්ගෙන් ආරක්ෂාවීම සඳහායි.
ඇයගේ කටහඬ හා රූපය Trademark ලෙස ලියාපදිංචි කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ අයැදුම්පත් ඉදිරිපත්කර තිබෙනවා.
මේ සුවිශේෂී ආරක්ෂක පියවර යටතේ ඇය අයැදුම්පත් තුනක් ඉදිරිපත්කර තිබෙනවා.
ඉන් එකක් ඇයගේ ලෝක ප්‍රකට 'Eras Tour' ප්‍රසංග මාලාවේ වේදිකාව මත සිටින සුවිශේෂී ඡායාරූපයක්වන අතර අනෙක් අයදුම්පත් දෙක ඇයගේ නවතම ඇල්බමය වෙනුවෙන් පටිගතකරන ලද Audio clips දෙකක් බව වාර්තාවුණා.
මෑත කාලයේදී Taylor Swiftගේ රූපය හා කටහඬ අවභාවිත කරමින් නිර්මාණයවූ ව්‍යාජ අසභ්‍ය දර්ශන මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය පළකරන ලෙස සැකසූ ව්‍යාජ දේශපාලන දැන්වීම් අන්තර්ජාලය පුරා දැඩි ආන්දෝලනයක් ඇතිකළා.
මෙවැනි කෘතිම අනුකරණයන් පාලනය කර තමන්ගේ සන්නාමය ආරක්ෂා කරගැනීම ඇයගේ ප්‍රධාන අරමුණවෙලා තිබෙනවා.
ප්‍රකට වෙළඳ ලකුණු නීතිඥයන් පවසන පරිදි, මේ ලියාපදිංචිය හරහා ඇයගේ සැබෑ කටහඬට හෝ රූපයට සමාන ඕනෑම AI නිර්මාණයකට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමේ බලය ඇයට හිමිවනු ඇති.
Share This Article