බොලිවුඩයෙන් ලෝකයටම ලැබුණු සුබ ආරංචිය.. වසර 17 කට පසු ලොකුම සිනමා පෙරළියකට අමීර් ඛාන් සූදානම්..
Thursday, 30 April 2026 - 8:28 | Views - 55
ලෝක සිනමාවේ පෙරළියක් කළ, මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ හදවත් දිනාගත් '3 Idiots' චිත්‍රපටයේ දෙවන කොටස (Sequel) නිර්මාණය වනබව සුපිරි නළු අමීර් ඛාන් නිල වශයෙන් තහවුරු කරලා තිබෙනවා.

2009 වසරේදී තිරගතවුණු මේ චිත්‍රපටය ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව කළ අපූරු සමාජ විවේචනය නිසා ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

ප්‍රකට අධ්‍යක්ෂ රාජ්කුමාර් හිරානි හා තිරකතා රචක අභිජාත් ජෝෂි මේ වනවිට එහි පිටපත සකස්කරමින් සිටින බව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමීර් ඛාන් අනාවරණය කර තිබෙනවා.

මෙහි මූලික කතාව දැනටමත් හැඩගස්වා අවසන් අතර එය පැරණි චිත්‍රපටයේ හාස්‍යය එලෙසම රැකගනිමින් ඉදිරිපත්කරන නැවුම් අත්දැකීමක්වනු ඇතිබව ඔහු පැවසුවා.

මේ නව චිත්‍රපටයේ ඇති විශේෂත්වය වන්නේ එය පළමු චිත්‍රපටය අවසන්වී වසර 10කට පසුව සිදුවන සිදුවීම් මාලාවක් වීමයි. ඒ අනුව 'රැන්චෝ', 'ෆර්හාන්' හා 'රාජු' යන ආදරණීය චරිත ඔවුන්ගේ ජීවිතයේ මීළඟ අදියරේදී මුහුණදෙන අමුතුම සිදුවීම් අපට දැකගන්න පුලුවන්.

"මෙහි සංකල්පය අසාමාන්‍යයි. මම නැවතත් 'phunsukh wangdu' ලෙස රංගනයෙන් දායක වෙනවා" යනුවෙන් අමීර් ඛාන් වැඩිදුරටත් තහවුරු කරලා තිබෙනවා.

අමීර් ඛාන් හා රාජ්කුමාර් හිරානි එක්ව කිරීමට සැලසුම්කර තිබූ 'dadasaheb phalke' චරිතාපදාන චිත්‍රපටය තාවකාලිකව නතරකර ඇතිබව වාර්තාවුණා.

ඒ නිසා ඔවුන්ගේ සම්පූර්ණ අවධානය දැන් යොමුව ඇත්තේ '3 Idiots 2' වෙතයි.





Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top