එදා ලොවම වසඟ කළ "The Devil Wears Prada" දෙවැනි දිගහැරුම.. ලොවක් හඳුනන සුපිරි තරු වසර 20කට පසු යළිත්..
Tuesday, 28 April 2026 - 11:01 | Views - 165
සිනමා ලෝකයේ විලාසිතා හා බලය පිළිබඳ අලුත් අර්ථකථනයක් ලබාදුන් "The Devil Wears Prada" (2006) චිත්‍රපටයේ දෙවැනි කොටස එළිදැක්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම්වෙලා තිබෙනවා.

වසර විස්සකට ආසන්න කාලයකට පසු මුල් නිර්මාණයේ සිටි ප්‍රධාන නළු නිළියන් සියල්ලම මේ දෙවන දිගහැරුම වෙනුවෙන් යළිත් එකතුවී තිබෙනවා.

මේ දැවැන්ත සිනමා නිර්මාණය හරහා ප්‍රධාන චරිත නිරූපණය කළ Meryl Streep, Anne Hathaway, Emily Blunt හා Stanley Tucci යළිත් නිව්යෝර්ක් නුවර වීදි හා Runway සඟරාවේ කාර්යාල පරිශ්‍රය සිය ආකර්ෂණයෙන් වර්ණවත් කිරීමට සූදානමින් ඉන්නවා.

මීට අමතරව, Kenneth Branagh හා Simone Ashley ඇතුළු නවක තරු රැසක්ද මෙවර නිර්මාණයට එක්වී සිටිනවා.

මුල් චිත්‍රපටයේ අධ්‍යක්ෂක David Frankel හා තිර පිටපත් රචිකාවිය Aline Brosh McKenna යළිත් මේ නිර්මාණය සඳහා සිය දායකත්වය ලබාදීලා තිබෙනවා.

ඒ නිසා එදා අප අත්විඳි ඒ සැබෑ 'The Devil Wears Prada' අත්දැකීමම මෙවරත් ප්‍රේක්ෂකයින්ට ලබාදීමට ඔවුන් සමත්වී ඇති බව සිනමා විචාරකයින් පවසනවා.

Wendy Finerman විසින් නිෂ්පාදනයකර ඇති "The Devil Wears Prada 2" චිත්‍රපටය ලබන මැයි මස 01 වැනිදා සිට ලොව පුරා සිනමාශාලාවල පමණක් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් දශක ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂක ඔබව හමුවුණු,...
Hiru Tv Blog
කලා ලෝකයේ කොයි කවුරුත් එක ලෙස ආදරය කරන, දක්ෂ මෙන්ම ගුණගරුක රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්. පසුගිය දවසක ඇය රෝහලේ ප්‍රතිකාර ලබනවා...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top