හොලිවුඩ් සුපිරි තරු දියණිය K-POP වීඩියෝවක? දක්ෂතාවයෙන්ම පමණක් ඉදිරියට ආ තාරකාවිය..
Thursday, 09 April 2026 - 15:27 | Views - 118
හොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් වන ඇන්ජලීනා ජොලි (Angelina Jolie) හා බ්‍රැඩ් පිට්ගේ (Brad Pitt) 19 හැවිරිදි දියණිය වන ෂයිලෝ ජොලි (Shiloh Jolie), කොරියානු ගායිකා දායොන්ග්ගේ (Dayoung) අලුත්ම ගීතයක රූපරාමු අතරින් දැකගත හැකි වීම කාගේත් අවධානයට ලක්වෙලා තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් වූ තත්පර 30ක දර්ශනයක Shiloh අනෙක් නර්තන ශිල්පීන් සමඟ ඉතා දක්ෂ ලෙස නර්තනයේ යෙදෙන ආකාරය දැකගන්න පුළුවන්.

මෙහි විශේෂත්වය වන්නේ, ඇය මෙම අවස්ථාව ලබාගෙන ඇත්තේ තමන් "සුපිරි තරු දියණියක්" බව පවසමින් නොව, අමෙරිකාවේ පැවති විවෘත සම්මුඛ පරීක්ෂණයකට සහභාගීවී ඇගේම දක්ෂතාවයෙනුයි.

රූගත කිරීම් අවසන් වන තුරුම නිෂ්පාදන කණ්ඩායම ඇය කවුදැයි දැන සිට නැහැ. ඔවුන් ඇයව තෝරාගෙන තිබෙන්නේ ඇගේ නර්තන හැකියාවමත පමණක්වීම අගය කළයුතු කරුණක් වෙනවා.

ඡායාරූප හා වීඩියෝ දුටු බොහෝ රසිකයන් පවසන්නේ Shiloh ඇගේ මව වන ඇන්ජලීනා ජොලිගේම රුවක් බවයි.

දක්ෂතා පිරිපුන් මේ තරුණිය තම මව්පියන්ගේ ප්‍රසිද්ධිය පිටුපස නොසැඟවී, තමන්ගේම අනන්‍යතාවක් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම ගැන බොහෝදෙනා ඇයට ප්‍රශංසා කරනවා.
Share This Article
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
අද අපි හැමෝම ජීවත් වෙන්නේ හරිම කාර්යබහුල...
Hiru Tv Blog
නිතරම සමාජ මාධ්‍ය හරහා රසිකයන් සමඟ සමීපව කටයුතු කරන තාරුකා, තමන්ගේ පෞද්ගලික...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම, දුටු පමණින් නෙත් ඇද බැඳ ගන්නා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ගැන උනන්දුවෙන ඔයාලා හැමෝම ශනුද්‍රි ප්‍රියසාද්ව හොඳටම දන්නවනේ....
Hiru Tv Blog
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත...
Hiru Tv Blog
දශක ගණනාවක් ලෝක වාර්තා පොත් අතර නොබිඳී තිබූ ‘ඇපලෝ 13’ මෙහෙයුමේ ඓතිහාසික වාර්තාව...
Hiru Tv Blog
අඩසියවසකට පසු පෘථිවිය දිස්වුණු අපූරුව! ‘Hello World’ කියමින් Artemis II සඳ ගමනෙන් ආ සුපිරි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top