වසර 50කට පසු, සඳ ජයගන්න ලෝකයම හෙල්ලූ ගමන ඇරඹෙයි! අභ්‍යවකාශයෙන් ඇසුණු ඒ පළමු පණිවිඩය මෙන්න..
නාසා (NASA) ආයතනයේ මේ ඓතිහාසික පිම්ම දෙස මුළු ලෝකයම මේ වනවිට දෑස් දල්වාගෙන බලා සිටිනවා.
ලෝක ඉතිහාසය උඩුයටිකුරු කරමින් ආයෙත් වසර 50කට පස්සේ මිනිසුන් පෘථිවි කක්ෂයෙන් ඔබ්බට රැගෙන යන දැවැන්ත Artemis II මෙහෙයුම අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් ඉතාමත් සාර්ථකව ගමන් ආරම්භ කර තිබෙනවා.
නාසා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වූ මෙම රොකට්ටුව මහල් 32කින් සමන්විත වෙනවා. මෙම විශ්මයජනක දර්ශනය දැකබලා ගැනීමට දසදහස් සංඛ්‍යාත පිරිසක් එහි රැස්ව සිටියා. මෙය අනාගතයේ අඟහරු ග්‍රහයා ජය ගැනීමට යන ගමනේ තීරණාත්මකම පියවර ලෙස සැලකෙනවා.
Reid Wiseman, Victor Glover, Christina Koch සහ Jeremy Hansen යන ගගනගාමීන් සිව්දෙනා මෙම මෙහෙයුමට එක්ව සිටිනවා. මොවුන් දින 10ක කාලයක් සඳ වටා ගමන් කර නැවත පෘථිවියට පැමිණීමට නියමිත අතර, මෙය දශක කිහිපයකට පසු මිනිසකු අභ්‍යවකාශයේ වැඩිම දුරක් ගමන් කරන අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වෙනවා.