වොල්ඩර්මෝට් කවුද කියලා තවමත් රහසක්! හැරී පෝටර් අලුත් කතා මාලාවේ සැඟවුණු ඇත්ත මෙන්න!
ලොව පුරා කෝටි සංඛ්‍යාත රසිකයන් දශක ගණනාවක් තිස්සේ ආදරය කළ Harry Potter මායාලෝකය යළිත් රූපවාහිනී තිරය ආක්‍රමණය කිරීමට සූදානම්.
2026 වසරේ වැඩිම බලාපොරොත්තු තබා ඇති HBO Max රූපවාහිනී කතා මාලාවේ පළමු නිල පූර්ව ප්‍රචාරක පටය (Trailer) මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
මෙම වසරේ දෙසැම්බර් මාසයේදී විකාශය වීමට නියමිත පළමු කතා සමය, ජේ. කේ. රෝලින්ගේ ප්‍රථම කෘතිය වන “Harry Potter and the Philosopher’s Stone” ඇසුරින් නිර්මාණය කර ඇති අතර, පෙර චිත්‍රපටවලටත් වඩා අතිශය විස්තරාත්මකව මෙය රූගත කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රධාන චරිත ත්‍රිත්වය සඳහා ළමා නළු නිළියන් 32,000කට අධික පිරිසක් පරීක්ෂා කිරීමෙන් පසුවයි මෙම තේරීම සිදුකර ඇත්තේ.
හැරී පෝටර් ලෙස: ඩොමිනික් මැක්ලෝග්ලින් (Dominic McLaughlin)
හර්මියෝන් ග්‍රේන්ජර් ලෙස: අරබෙලා ස්ටැන්ටන් (Arabella Stanton)
රොන් වීස්ලි ලෙස: ඇලස්ටෙයාර් ස්ටවුට් (Alastair Stout)
පැරණි හැරී පෝටර් හෙවත් ඩැනියෙල් රැඩ්ක්ලිෆ් ද මෙම නවක නළුවන් කෙරෙහි සිය සුබපැතුම් එක් කර තිබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, මෙම කතා මාලාව ආරම්භයටත් පෙරම දැවැන්ත ආන්දෝලනයකට තුඩු දී තිබෙන්නේ සෙවරුස් ස්නේප්ගේ (Severus Snape) චරිතය නිසාවෙනුයි. මෙවර ස්නේප් ලෙස රංගනයෙන් දායක වන පාපා එසීඩු (Paapa Essiedu) කළු ජාතිකයෙකු වීම රසිකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.
ජේ. කේ. රෝලින්ගේ කෘතියේ විස්තර කර ඇති ස්නේප්ගේ පෙනුමට ඔහු සම්පූර්ණයෙන්ම පරස්පර බව පවසමින්, ලොව පුරා රසිකයන් ඔහුට විරුද්ධව අදහස් දක්වා ඇති අතර, ඇතැම් පිරිස් ඔහුට එම චරිතය රඟ නොපාන ලෙසට මරණ තර්ජන පවා සිදුකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනෙකුත් ප්‍රධාන චරිත.
අල්බස් ඩම්බල්ඩෝර්: ජෝන් ලිත්ගෝ
මිනර්වා මැක්ගොනගල්: ජැනට් මැක්ටියර්
රුබියස් හැග්රිඩ්: නික් ෆ්‍රොස්ට්
වොල්ඩර්මෝට්ගේ චරිතය රඟපාන්නේ කවුරුන්ද යන්න ස්ටූඩියෝව තවමත් රහසක් ලෙස තබාගෙන සිටින්නේ රසික කුතුහලය ඉහළ නැංවීමටයි.