"මම දුරින් ඉඳන් ඔහුට පෙම්බඳිනවා. මම ඒ ආදරය ප්‍රකාශ කරලා නැහැ..." - චූලක්‌ෂි රණතුංග
Monday, 30 April 2018 - 15:23 | Views - 75,085
චූලක්‌ෂි කියන නම රූපය වගේම නිරූපන හැකියාව වෙනකොට ජාත්‍යන්තරයට ගිහින් අවසන්.  මෙරට බොහෝ දෙනෙක් ඇයගේ හැකියාව හදුනනවා. ඇය ආදරයට බොහෝසෙයින් ආදරය කරන කෙනෙක් කියලයි කියන්නේ. මේ ඇයගේ  පුවත්පතක සදහන් වූ ලිපියක්.

සුන්දර දැරියක්‌ වූ චූලක්‌ෂිට මල්සරා බැලුම් හෙලන්නේ පාසල් වියේදීමද..?

මම ඉස්‌කොලෙ පහේ පන්තියේ ඉඳන්ම ගතකලේ පාසල් නේවාසිකාගාරයේ. මගේ පාසල බාලිකා පාසලක්‌. ඉස්‌කෝලේ නිවාඩු දවසට අපිව පාසලෙන් දෙමවුපියන්ට භාරදෙනව පාසල් නිවාඩුව අවසන් වුනහම දෙමවුපියන් අපිව නේවාසිකාගාරයට භාරදෙනවා.. ඇත්තටම මට දකින්න ඇසුරු කරන්න ලැබුණ පිරිමි චරිත දෙක මගේ තාත්තයි අයියයි විතරයි. මට පිරිමි ළමයි හම්බවෙන්න තිබුණ අවස්‌ථා හරිම අඩුයි. ඒ නිසාම මට පාසල් වියේ ප්‍රේමයක්‌ හෝ ප්‍රේමයකට ඇරයුමක්‌ හෝ ලැබී නැහැ.

තාරුණ්‍යයට පය තියන දැරියක්‌ විදිහට ආදරය ඉදිරියේ සෞම්‍ය නොවුන හිතක්‌ද ඔබට තිබුණේ?

පුංචි කාලේ ඉඳන්ම මගේ හීනය පැසිපන්දු ක්‍රීඩාවට. මාව එම ක්‍රීඩාවට සහභාගි නොවිය හැකි කුඩා වයසේදී පවා මම පැසිපන්දුව තමයි සෙල්ලම් කළේ. මගේ පුහුණුකරු මාව හැදුවේ ජාත්‍යන්තර මට්‌ටමේ ක්‍රීඩිකාවක්‌ කරනවා කියන තැන ඉඳන්. මගේ අරමුණ වුණෙත් ජාත්‍යන්තර මට්‌ටමේ පැසිපන්දු ක්‍රීඩිකාවක්‌ වීමයි. එතනදී මගේ පුහුණුකරුගේ එක නීතියක්‌ තමයි මම මේ ක්‍රීඩාව ඇතුලෙදී ප්‍රේම සබඳතාවක්‌ ඇතිකර ගත්තොත් ඔයාට මේ ගමන යන්න බැහැ කියන එකයි.

චූලක්‌ෂි පවසන්නේ චූලක්‌ෂිගේ සොඳුරු යෞවනය පැසිපන්දුවට දන්දුන් බවද?

මට ඕන වුණේ ලස්‌සන ගැහැණු ළමයෙක්‌ වෙන්න නෙවෙයි ජාත්‍යන්තර මට්‌ටමේ පැසිපන්දු ක්‍රීඩිකාවක්‌ වෙන්නයි. ඒ අරමුණ වෙනුවෙන් ආදරය කැප කරන්න මම දෙපාරක්‌ හිතුවේ නැහැ. ඒ අනුව මම පෙම්වතියක්‌ නොවුණට ජාතික තලයේ පැසිපන්දු ක්‍රීඩිකාවක්‌ බවට පත්වුණා.

නමුත් යම් කලක ඔබ පැසිපන්දු ක්‍රීඩාවට සමුදෙනවා.?

මගේ අයියත් පැසිපන්දු ක්‍රීඩකයෙක්‌. ජීවිතය සඳහා වෘත්තියක්‌ තෝරගන්න තැනට එද්දී වෘත්තීය පැසිපන්දු ක්‍රීඩිකාවක්‌ වෙනවද නැද්ද කියන ප්‍රශ්නයේදී මට මගේ පැසිපන්දු දිවිය නතර කරන්න සිදු වෙනවා. ඒ මගේ සොහොයුරාගේ ඉල්ලීමට. නමුත් කෙසේ හෝ මට ඒ වෙද්දී මගේ ජීවිතයේ ප්‍රථම ප්‍රේමය මුණගැහිලා තිබුණා.

ක්‍රීඩාවට සමුදුන්නට පස්‌සේද ප්‍රථම ආදරය පිළිගන්නේ?

මම මේ ක්‌ෂේත්‍රයට ආවට පස්‌සේ ආදරය පිළිගත්තා. ඔහුත් පැසිපන්දු ක්‍රීඩකයෙක්‌.

අද වෙද්දී චූලක්‌ෂි පැසිපන්දු ක්‍රීඩාවට සමුදුන්ට පැසිපන්දු ප්‍රේමය සමඟද රැඳෙන්නේ නැහැ.?

ඒ ආදර කතාව නතර වුණා. කාලයත් එකක්‌ අපි දෙදෙනාගේ නොගැලපීම් මත අපි ඒ ආදර කතාවට සමුදෙනවා.

ජනප්‍රිය තරුවක්‌ වී සිටින ඔබ අද පෙම් කරන්නේ තිරයේදී පමණද?

ඔව් මම දැන් පෙම්වතියක්‌. හැබැයි එය ඒක පාර්ශ්වික ප්‍රේමයක්‌.. මම කෙනකුට ආදරය කරනවා. මම දුරින් ඉඳන් ඔහුට පෙම්බඳිනවා. මම ඒ ආදරය ප්‍රකාශ කරලා නැහැ.

අද ඔහු නාඳුනන ඔබගේ පෙම් හිත හෙට දවසේ හඳුනාගනීවි කියලා ඔබ මග බලාන ඉන්නවද?

ඔහු දන්වා මම ආදරය කරන බව. නමුත් මම ආදරෙයි කියලා ඔහුට පවසලා නැහැ. මම බලනවා කොතරම් දුරට මගේ ආදරය මල්එල ගැන්වේවිද කියලා. නමුත් ආදරයක්‌ කිරීමට වඩා ඒක අයිතිකර ගැනීම කියන්නේ සංකීර්ණ දෙයක්‌නේ.

ඔබ සිටින්නේ අවිනිශ්චිත සිතුවිල්ලක්‌ සමඟ නේද?

ඇත්තටම නැහැ. මම හිතන්නේ නැහැ මගේ හීනය හැබෑ වෙයි කියලා.

මේ ආදරය චූලක්‌ෂිට හමුවෙන්නේ කලාවෙන්ද?

කලාවෙන් කියනවට වඩා මට මේ සමාජයෙන් හඳුනා ගන්න ලැබුණ හොඳ ගතිගුණ තියෙන කෙනෙක්‌ විදිහට හඳුන්වන්න කැමතියි.. ඔහු මගේ හිතවතෙක්‌. අපේ පවුලේ හිතවතෙක්‌.

චූලක්‌ෂි, මේ හැම දෙයකම කෙළවර..?

මම දෛවයට ඉඩදීලා බලාගෙන ඉන්නවා.

ධම්මිකා සුරංජි පතිරණ




Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top