ජනතාවට ගැටලූවක් නොවන පරිදි ඉන්ධන මිලෙහි පාඩුව දරා ගැනීමට රජය සූදානම්
Thursday, 16 January 2020 - 15:53 | Views - 385
ගල්ෆ් කලාපයේ ගැටලූකාරි තත්ත්වයට හේතුවෙන් ලෝක වෙළඳපොලෙහි ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව, ජනතාවට ගැටලූවක් නොවන ආකාරයෙන් මෙරට ඉන්ධන මිල පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අද පෙරවරුවේ කඩුවෙල බස් නැවතුම්පොලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ගැටලූකාරි තත්ත්වය අඛන්ඩව පැවතිය හොත් ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමට සිදුවනු ඇති බවයි.
කෙසේ වෙතත්, මෙතෙක් ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණයක් ගෙන නොමැති බව ද ඔහු සඳහන් කළා.
Share This Article