ට්‍රම්ප්ට් එරෙහි දෝෂාභියෝගය තවත් පියවරකින් ඉදිරියට
Thursday, 16 January 2020 - 12:45 | Views - 274
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනා සෙනට් මණ්ඩලය වෙත ගොනු කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමේ ඡන්ද විමසීම නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ජය ගෙන තිබෙනවා.

අදාල යෝජනාවට පක්ෂව ඡන්ද 228ක් ලැබුණු අතර විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද 193ක් පමණයි.

ට්‍රම්ප් ගේ විරුද්ධ පාක්ෂික ඩිමොක්‍රටික් සභිකයන් විසින් පසුගිය මාසයේදී දෝෂාභියෝගයක් සම්මත කරනු ලැබුවේ බලතල අවභාවිත කිරීම සහ කොංග්‍රසයේ කටයුතු වලට බාධා කිරීම යන චෝදනා යටතේයි.

කෙසේ වෙතත් ට්‍රම්ප් ධුරයෙන් ඉවත් කරනවාද නැද්ද යන්න තීරණය කරනුයේ  සෙනට් මණ්ඩලයයි.

සෙනට් මණ්ඩලයේ බලය ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය වෙත හිමිව ඇති නිසා ඔහු මේ දෝෂාභියෝගය ජය ගන්නා බවට බොහෝ දෙනා මත පළ කරනවා.

මේ වන විට අදාල චෝදනා සෙනට් මණ්ඩලය වෙත යොමු කර ඇති අතර අද (16) එම චෝදනා සෙනට් මණ්ඩලය විසින්  ප්‍රසිද්ධියේ කියවීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top