කොත්මලේ ජලාශයේ තරුණයකුගේ මළ සිරුරක්
Thursday, 16 January 2020 - 11:53 | Views - 489
ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු තරුණයකුගේ මළ සිරුරක් අද (16) සොයා ගත් බව තලවකැලේ පොලීසිය පවසයි.
මෙම මළ සිරුර දික්ඔය, දික්ඔය වත්තේ පදිංචිව සිටි කාලීස්වරන් නන්දකුමාර (24) නැමැත්තෙකුගේ බවට තොරතුරු ලැබී ඇතැයි තලවකැලේ පොලීසිය කියයි.
Share This Article