අවුරුදු 18 බිරිඳ ලැගුම්හල්වලට කැඳවාගෙන ගොස් සල්ලාලයන්ට විකිණු නරුම සැමියා
Thursday, 16 January 2020 - 11:06 | Views - 2,492
නීත්‍යනුකූලව විවාහවී සිටින තම 18 හැවිරිදි බිරිය පෞද්ගලික ලැගුම්හල්වලට කැඳවාගෙන ගොස් සල්ලාලයන්ට අලෙවි කළ පෞද්ගලික රක්ෂණ සමාගමක රක්ෂණ අලෙවි නියෝජිතයකු මොනරාගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලිංගික අතවරයන්ට ලක්වූ එම බිරිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැමියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මොනරාගල, වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම රක්ෂණ නියෝජිතයා නක්කල පදිංචි 18 හැවිරිදි තරුණියක් විවාහ කරගෙන ඇති අතර පසුව ඔහු අවස්ථා කිහිපයකදී තම බිරිය බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය, මිද්දෙණිය, වීරකැටිය, මහරගම, සිරිගල, උඩවලව යන ප්‍රදේශවල පිහිටි පෞද්ගලික ලැගුම්හල්වලට කැඳවාගෙන ගොස් ලැගුම්හල්වල අයිතිකරුවන්ගේ සහාය ඇතිව තරුණයන්ට මුදලට විකුණා ඇති අතර එක් අයකුගෙන් රුපියල් දහසේ සිට රුපියල් විසිදහස දක්වා මුදල් අයකරගෙන තිබෙනවා.

ඉකුත් ජනවාරි 13 වැනිදා ඇය වැල්ලවාය ඇල්ල පාරේ පිහිටි ලැගුම්හලකට කැඳවාගෙන ගොස් දියතලාව යුද හමුදා කඳවුරේ සෙබළකුට විකුණා ඇති අතර එදිනම සවස ඇය බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලැගුම්හලකට රැගෙන ගොස් තරුණයන් දෙදෙනකුට විකුණා තිබෙනවා. එහිදී ඇය හා සැමියා අතර බහින්බස්වීමක් ඇතිවී තරුණයන් සමඟ ලිංගිකව හැසිරීමට විරුද්ධ වීම නිසා සැමියා ඇයට පහරදී ඇති බවයි පැමිණිල්ලේ සන්ධාන වන්නේ.

මේ පිළිබඳව ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරීමට රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකරු මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top