වේදිකාවේ ගුරු තරුව දැයෙන් සමුගනී
Wednesday, 15 January 2020 - 21:50 | Views - 324
වේදිකාවේ, ටෙලි තිරයේ සහ සිනමාවේ අපූර්ව මතක සටහන් තැබූ ප්‍රවීන රංගනවේදී, ආචාර්ය ජයලත් මනෝරත්නයන් අද දැයෙන් සමුගත්තා.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදියි.
අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝක ප්‍රකාශ යොමුකර තිබෙනවා.
කලාකරුවන් ඇතුලූ විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Share This Article