ගල්ෆ් කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් ලෝක වෙළපොළේ ඉහළ ගොස් ඇති බොරතෙල් මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිලද ඉදිරියේදී සංශෝධනය විය හැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේ මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නකට පිළිතුරු ලබා දෙමින්.