ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි දුමාරය නිසා මුළු ලෝකයට බලපෑම් - රටවල් කිහිපයක අහස වෙනස් වෙන හැටි මෙන්න
Wednesday, 15 January 2020 - 13:55 | Views - 679

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි දුමාරය වායු ගෝලයේ ගමන් කරන ආකාරය පිළිබඳ NASA ආයතනය විසින් අධ්‍යනය කරමින් පසුවන බවත් එය මේ වන විට කිලෝ මීටර් 15 කට අධික ප්‍රමාණයක් වායුගෝලය තුළට ගමන් කර ඇති බවත් ඔවුන් හඳුනාගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2020 ජනවාරි 08 වන දින වන විට ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි දුමාරය පෘථිවියේ අඩක් පමණ ගමන් කර ඇති බවද NASA ආයතනය පවසනවා.

එහිදී මෙම ලැව් ගිනි දුමාරය දකුණු ඇමෙරිකාවද පසුකර ඇති අතර දකුණු ඇමෙරිකානු අහස මෙම දුමාරය නිසා විවිධ වර්ණ ගත් බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි දුමාරය ලෝකය වටේ අවම වශයෙන් එක් වටයක් හෝ ගමන් කරන බවත් ඉන් අනතුරුව නැවතත් ඔස්ට්‍රේලියාවේ ඉහළ අහසට පැමිණෙන බවත් NASA ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අතර අද පෙරවරුව වන විට මෙල්බර්න් නගරය ඇතුළුව වික්ටෝරියා ප්‍රාන්තයේ වායුගෝලය ලැව් ගිනි දුමාරයෙන් පිරී පවතින බව දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන් සෞඛ්‍ය අවදානම් තත්ත්ව ඇතිවිය හැකි බවට සෞඛ්‍ය බලධාරීහු අනතුරු ඇඟවීම් සිදුකරනවා. එමෙන්ම නිවෙස් වල දොර ජනෙල්ද වසා තබා දමන ලෙසද ඔවුහු ප්‍රාන්ත වාසීන්ට දන්වා සිටින බව සඳහන්.

මේ අතර මෙම දුම නවසීලන්ත වායුගෝලයටත් බලපෑම් එල්ලකර තිබෙනවා. මේ හේතුවෙන් නවසීලන්තයේ වායුගෝලයේ පිරිසිදුභාවයට දැඩි තර්ජන එල්ලවෙමින් පවතින බවත් NASA ආයතනය පවසනවා. සුදු පැහැයෙන් හැඩවුණු නවසීලන්තයේ හිම කඳු මෙම ලැව් ගිනි දුමාරය නිසා අවපැහැ ගැන්වී ඇති බව පසුගිය දිනවලදී ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ අනාවරණය වුනා.

එමෙන්ම පසුගිය වසර අග භාගයේදී ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි දුමාරය නිසා නවසීලන්ත අහස තැඹිලි පැහැ ගත් බවද වාර්තා වී තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top