හදුනා නොගත් උණ රෝගයකින් පෙලෙන විදේශිකයින්ගේ සෙම් පටල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට
Wednesday, 15 January 2020 - 13:46 | Views - 438
අයි.ඩී.එච් මූලික රෝහලේ ප්‍රතිකාර ලබන විදේශිකයන් දෙදෙනාට හදුනා නොගත් උණ රෝගයක් වැලදී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මඟීන් දෙදෙනෙකු අසනීප වීම හේතුවෙන් පෙරේදා අලූයම කටුනායක ගුවන් තොටුපළට ලයන් එයාර් වර්ගයේ ගුවන් යානයක් ගොඩබැස්සවූ අතර ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටියා.
මේ අතර, එම යානයේම පැමිණි තවත් විදේශිකයන් දෙදෙනෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහායි අයි.ඞී.එච්. මූලික රෝහලට ඇතුලත් කරනු ලැබුවේ.
ඉන්දුනීසියානු ජාතික පියෙකු සහ පුතෙකු මෙලෙස අයි.ඞී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ සෙම පටල සහ රුධිර සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කර ඇති බවයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක හිිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
Share This Article