ඕස්ට්‍රේලියාවට වාර්තාගත ජයක්
Wednesday, 15 January 2020 - 10:56 | Views - 1,200
ඉන්දියාවට එරෙහිව වන්කඩේ හි ඊයේ පැවති පළමු එක්දින තරඟය කඩුළු 10කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දු වාර 49යි එක් පන්දුවකදී සියළු දෙනා දැවී ලකුණු සංඛ්‍යාව 255ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 37යි පන්දු 5කදී කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී සීමාව පසු කර ගියා. මෙහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඒරන් ෆ්‍රින්ච් නොදැවී ලකුණු 110ක් සහ ඬේවිඞ් වෝනර් ලකුණු සංඛ්‍යාව 128ක් ලබා ගත්තා.
Share This Article