එංගලන්තයෙන් හෘදයාබාධ මරණ වළකන නව එන්නතක්
Wednesday, 15 January 2020 - 10:43 | Views - 1,818
හෘදයාබාධයට ලක්ව මියයන දස දහස් ගණනකගේ ජීවිත බේරාගත හැකි මිනිසාගේ ශරීරගත ‘නරක කොලෙස්ටරෝල් (බෑඞ් කොලේසටරෝල්* අඩු කර හෘදය වස්තුව ආරක්ෂා කිරීමට සමත් නව එන්නතක් සායනික මට්ටමින් සාර්ථකව අත්හදා බලා ඇති බව එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවා ආයතනය නිවේදනය කර තිබේ.
මෙම වසරකට දෙවරක් රෝගීන්ට ලබාදිය යුතු එන්නත ‘ඉන්ක්ලිසයිරන්’ ලෙස හැඳින්වෙන අතර එම එන්නත මඟින් එංගලන්තයේ 30,000 ක් දෙනාගේ ජීවිත ඉදිරි දශකය තුළදී බේරාගත හැකිවන බව ඇස්තමේන්තු කර ඇතැයි එංගලන්තයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ප්‍රකාශ කර තිබේ.
මෙම වසරේදී සායනික මට්ටමින් මෙම එන්නත එංගලන්තයේ හෘද රෝගීන් වෙත ලබාදීමට නියමිතය. දැනට මිලියන ගණනක් වන කොලෙස්ටරෝල්වලින් පෙළෙන රෝගීන් සිය කොලෙස්ටරෝල් කපා හැරීම සඳහා භාවිත කරනුයේ ‘ස්ටැටින්’ කරල්ය.
Share This Article