නිරුවත් දර්ශන මුහුණු පොතට මුදාහරින බවට තර්ජනය කරමින්, බැංකු නිලධාරියකුගෙන් කප්පම් ගත් පුද්ගලයෙකුට වැඩ වරදී
Wednesday, 15 January 2020 - 9:31 | Views - 590

අන්තර්ජාලයට අසභ්‍ය දර්ශන මුදා හරින බවට තර්ජනයකොට 67 හැවිරිදි විශ්‍රාමික බැංකු නිලධාරියකුගෙන් රුපියල් ලක්ෂ 38 ක කප්පම් මුදලක් ඉල්ලූ බව කියන පුද්ගලයකු මේ මස 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මතුගම ප්‍රධාන මහෙස්ත්‍රාත් හේමමාලි හාල්පන්දෙනිය මහත්මිය (13) සවස නියෝග කරනු ලැබුවා.
මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ තෙබුවන පොලිස් වසමේ යටවර දෙහිගහතොටුපළ ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික පොලිස් නිලධාරිවරයකුගේ පුතකු වූ පාරමුල්ලගේ දොන් ජනක දේශප්‍රිය නම් වූ අයයි.
සැකකරු වෘත්තියෙන් වැලි ව්‍යාපාරිකයකු වන අතර ඔහු පෙනී සිට ඇත්තේ අන්තර්ජාලයට වීඩියෝ දර්ශන මුදාහළ හැකි අධ්‍යක්ෂවරයකු ලෙසයි.
මීට පෙර රුපියල් 50000/= ක මුදලක් තමාගෙන් ලබා ගත් බවත් තවත් මුදල් ඉල්ලා දුරකථනයෙන් තර්ජනය කරන බවත් කියමින් වරකාගොඩ පොලිස් වසමේ පහළකරන්නාගොඩ පදිංචි විශ්‍රාමික බැංකු නිලධාරියා විසින් කරන ලද පැමිණිල්ල අනුව පරීක්ෂණ පැවැත්වූ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් තවත් ලක්ෂ දෙකක මුදලක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අසභ්‍ය දර්ශන සහිත සී. ඩී. කීපයක් අසභ්‍ය දර්ශන සහිත ජංගම දුරකථන කීපයක් හා ඔහු පැමිණි මෝටර් රථය ද මුදල් නෝට්ටු ලෙස සකස් කළ රුපියල් ලක්ෂ 2 ක මුදල් පාර්සලය ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.
පැමිණිලිකරුගේ බිරිඳ හා දරුවන් කීප දෙනකු විදෙස්ගතව සිටින බව ද පොලිසිය සඳහන් කළා.
මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් කීප දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
දිවයින
Share This Article