පාසලේ දැරියකට හදි කරන්න හැදූ සැකකාර ගුරුවරයාට ඇප
Wednesday, 15 January 2020 - 7:22 | Views - 573
තම විද්‍යාලයේ දැරියක දූෂණය කිරීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි එම පාසලේ ගුරුවරයකු වවුනියාව මහෙස්ත‍්‍රාත් එම්.රියාල් මහතා විසින් 13 වැනිදා රුපියල් 50000ක ශරීර ඇප මත මුදාහැර තිබේ.
 
 මේ දැරිය අදාළ ගුරුවරයා විසින් දූෂණය කිරීමට තැත් කොට ඇති අතර දැරිය ඒ පිළිබඳව නිවසේ උදවියට දැනුම් දීමෙන් පසුව ඇගේ දෙමව්පියන් ඒ බව සෙට්ටිකුලම පොලිසියට පැමිණිලි කොට තිබේ.
 
 පොලිසිය එම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ජනවාරි මස 8 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු 13 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස වවුනියාව මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
 
 ඒ අනුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට ඇපයක් නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා ඔහු ඇප මත මුදා හරිනු ලැබීය.
 
 සිද්ධිය පිළිබඳව වූ නඩු විභාගය ජුනි මස 1 වැනිදා පැවැත්වෙයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top