පාසලේ දැරියකට හදි කරන්න හැදූ සැකකාර ගුරුවරයාට ඇප
Wednesday, 15 January 2020 - 7:22 | Views - 574
තම විද්‍යාලයේ දැරියක දූෂණය කිරීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි එම පාසලේ ගුරුවරයකු වවුනියාව මහෙස්ත්‍රාත් එම්.රියාල් මහතා විසින් 13 වැනිදා රුපියල් 50000ක ශරීර ඇප මත මුදාහැර තිබේ.
මේ දැරිය අදාළ ගුරුවරයා විසින් දූෂණය කිරීමට තැත් කොට ඇති අතර දැරිය ඒ පිළිබඳව නිවසේ උදවියට දැනුම් දීමෙන් පසුව ඇගේ දෙමව්පියන් ඒ බව සෙට්ටිකුලම පොලිසියට පැමිණිලි කොට තිබේ.
පොලිසිය එම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ජනවාරි මස 8 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස වවුනියාව මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඒ අනුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට ඇපයක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඔහු ඇප මත මුදා හරිනු ලැබීය.
සිද්ධිය පිළිබඳව වූ නඩු විභාගය ජුනි මස 1 වැනිදා පැවැත්වෙයි.
Share This Article