සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පුද කරමින් අද තෛපොංගල් දිනය සමරයි
Wednesday, 15 January 2020 - 7:12 | Views - 2,429
අස්වැන්න නෙලීමේ උත්සවය යන අරුත සහිතව තෛපොංගල් උත්සවය ලොව පුරා දෙමළ ජනතාව අද සමරනු ලබනවා.
හින්දු දින දර්ශනයට අනුව අද ආරම්භ වන අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනයයි.
කෘෂිකාර්මික ජීවිතය හා බැදුණු ජනයා අස්වනු නෙලන අවස්ථාවේ සිට සමරන තෛපොංගල් උත්සවයෙන් තමන්ට උපකාර කළ සුර්යයා, වර්ෂාව සහ ගොවි සතුන්ට කෘතවේදීත්වය පළ කරනු ලබනවා.
මෙම උත්සවයේ තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ කිරි සහ සහල් පිසීමයි.
Share This Article