මේ තරම් 'කට දැවිල්ලට' කන්න කැමති ඇයි?
Tuesday, 14 January 2020 - 17:45 | Views - 760
දැඩි වේදනාවකින් පෙළෙන එක්තරා පුද්ගලයෙකු රෝහලට රැගෙන විත් තිබිණි. දැඩි හිසරදයට අමතරව උදරයේ සහ ගෙළ ප්‍රදේශයේ දරාගත නොහැකි වේදනාවකින් ඔහු පෙලුණි. මොහුට සිදු වී ඇත්තේ කුමක්දැයි සොයා ගැනීමට වෛද්‍යවරු යුහුසුළු වුහ.

CT ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මක විය. මුත්‍රා පරීක්ෂාව ද සිදු විය. රුධිර පීඩනය මැන බැලීය. සිරුර පුරා පරීක්ෂාවට ලක් කළේ කිසියම් හෝ සැක සහිත බාහිර ලක්ෂණයක් වේදැයි සොයා බැලීමට ය.

අවසාන නිගමනය වුයේ මොහු වස පානය කර නොමැති බවය. ඉතා සැර මිරිස් කරලක් කෑමෙන් අනතුරුව මෙම පුද්ගලයා මෙසේ විඳවන්නට පටන් ගෙන ඇත. මෙය පසුගිය වසරේ එක්සත් ජනපදයේ සිදු වූවකි.

34 හැවිරිදි ඔහු මිරිස් කෑමේ තරඟයකට සහභාගී වී ඇත. ඉන් පසුව ඇති වූ ශරීර ව්‍යකුලතා හේතුවෙන් ඔහුගේ මොළයට සිදු වූ හානිය නැවත සම්පුර්ණයෙන් ම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවීමට තරම් ඔහු වාසනාවන්ත විය.මෙය අන්තයට ම ගිය උදාහරණයක් විය හැකිය. නමුත් ලොව පුරා බිලියන ගණනක් ජනයා කෑම මේසය වටා හිඳ ගන්නේ 'කට දැවිල්ල' කෑම වේලක් රස විඳීමට ය. දිවට දැනෙන දැවිල්ල සමනය කර ගැනීමට ඇතැම් විට පානය කිරීමට යමක් සොයන්නෙමු. වරෙක අපට 'බඩ දැවිල්ල' ඇති වෙයි. නමුත් නැවතත් ඒ රසය සොයා යන්නෙමු.

මේ 'කට දැවිල්ල' සමඟ අපට ඇති ප්‍රේම සම්බන්ධය වසර දහස් ගණනක් අතීතයට දිව යන්නකි. මේ දක්වාම ඒ ප්‍රේමය මදකට හෝ අඩු වී නොමැත.

2007 සිට 2018 දක්වා වූ කාලය තුළ ලොව මිරිස් කරල් නිෂ්පාදනය ටොන් මිලියන 27 සිට 37 දක්වා ඉහළ ගොස් ඇත.

ඇතැම් රටවල් මේ 'කට දැවිල්ලට' වැඩි කැමැත්තක් දක්වති.

තුර්කියේ එක් පුද්ගලයෙකු දල වශයෙන් දිනකට මිරිස් ග්‍රෑම් 86.5ක් ආහාරයට ගනිමින් ලෝක ලැයිස්තුවේ ඉහළින්ම සිටී. දෙවැනි තැන හිමි වන්නේ මෙක්සිකෝවට ය. දිනකට බුදින මිරිස් ප්‍රමාණය ග්‍රෑම් 50.95කි.

මිරිස් රසට අප මෙතරම් රුචිවන්නේ ඇයි?

මෙය බලවත් වූ ප්‍රීතිය සොයා යන මානසිකත්වය පිළිබඳව වන සංකීර්ණ කතාන්දරයකි.
සොබා දහමේ රහස

දැවිල්ල ගෙන දෙන කැප්සයිසින් රසායනය මිරිස් කරලට පැමිණීමේ පරිනාමවාදී ක්‍රියාවලිය ද තවමත් විවාදාපන්න ය.

මෙම පැලෑටියේ ඵලය සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම රසායනය ක්‍රමානුකුලව ඒ තූළ වැඩෙන්නට ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති.

නමුත් පක්ෂීන්ට එය ප්‍රශ්නයක් වී ඇති බවක් පෙනෙන්නට නැත.
Image copyright Getty Images
Image caption ක්ෂීරපායීන්ට සහ කෘමීන්ට දැනෙන දැවිල්ල කුරුල්ලන්ට නම් ප්‍රශ්නයක් නැහැ වගේ...

එක්සත් ජනපදයේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ සමීක්ෂකයෝ එයට හේතුව සොයා ගත්හ.

ක්ෂීරපායී සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය මගින් මිරිස් කරලේ ඇති බීජ (ඇට) ජීර්ණයට ලක් කෙරේ. එමගින් බීජය විනාශ වේ. නැවත රෝපණය වීමේ ක්‍රියාවලිය නවතී.

නමුත් පක්ෂීන් ගේ ආහාර ජීර්ණය මීට වෙනස් ය. මෙම බීජ පක්ෂියාගේ උදරය තුළ නොදිරවයි. ඊට කිසිඳු හානියක් නොවී මළපහ සමඟ පිට වේ. අනතුරුව එම බීජ නැවත රෝපණය වී පැළෑටියක් බවට පත් වේ.

මිරිස් කරලට දැවිල්ල එක් වන්නේ ක්ෂීරපායින්ගෙන් බේරා ගැනීමට නම් මිනිසා ඊට රුචි වූයේ කෙසේද?
අපේ ආදිවාසී මුතුන් මිත්තෝ පවා මේ මිරිස් කරලේ දැවිල්ලට ආශා කළහ.

මිරිස් කරල තුළ දිලීර නාශක සහ බැක්ටීරියා නාශක රසායනයන් පැවතීම නිසා මිනිසා ඊට යොමු වන්නට ඇතැයි යන්න එක් න්‍යායකි.

එහි අදහස, මිරිස් අඩංගු ආහාර ඉක්මනින් නරක් නොවන බව මිනිසාට වැටහෙන්නට ඇති බවය.

මෙම උපකල්පිතය 1998 දී ඉදිරියට ගෙන එන ලද්දේ කොනේල් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥයන් වන ජෙනිෆර් බිලින්ග් සහ පෝල් ශර්මන් විසිනි.

මොවුන් දෙදෙනා රටවල් 36ක සාම්ප්‍රදායික මාංශ ආහාර වේල් දහස් ගණනක් විශ්ලේෂණය කර බැලූහ. එම ආහාර පිළියෙළ කිරීම සඳහා යොදා ගෙන ඇති කුළුබඩු බොහෝ විට උෂ්ණාධික රටවල භාවිත කර ඇතිබව ඔවුනට වැටහුණි. එවැනි දේශගුණයක් සහිත රටවල ආහාර ඉක්මනින් නරක්වීමට ඇති ඉඩකඩ වැඩිය.


BBC
Image result for chilly eat
Chilli eating contest in Hanghzou

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top