CIDය හමුවේ ප්‍රකාශයක් ලබාදුන් රාජිත පිටව යයි
Tuesday, 14 January 2020 - 15:45 | Views - 387
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගියා.
දින 18කට පසු නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙන් අද අලූයම පිටත්ව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ අද දහවල් 12 ට පමණයි.
Share This Article