මහා පාරේ පොලිසියට සද්ද දැමූ UNP මන්ත්‍රීවරිය උසාවියේදී පොලිසියට වැඳ සමාව ගනී
Tuesday, 14 January 2020 - 13:53 | Views - 785
වෙන්නප්පුව - ලුණුවිල,සී නෝර් හන්දියේදී පොලිස් නිලධාරීන්ට හයිකාරකම් පෙන්වූ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය සහ ඇයගේ නැගණිය 13 වැනිදා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී එම පොලිස් නිලධාරීන්ගෙන් වැද සමාව ඉල්ලා තිබෙනවා.

මෙසේ පොලිස් නිලධාරීන්ගෙන් වැද සමාව ඉල්ලා සිටියේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීණී දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇයගේ නැගණියයයි.

2019 අගෝස්තු මස 20 වැනිදා වෙන්නප්පුව - ලුණුවිල,සී නෝර් හන්දිය ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් ආරක්ෂිත හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ තරුණියක්ව නවත්වා තිබෙනවා.

සුළු වේලාවකින් එම ස්ථානයට කඩා වැදී ඇති වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය රාජකාරියේ යෙදී සිටි පොලිස්නි ලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වදින් කලහකාරී ලෙස හැසිරී ඇති අතර පසුව වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් විසින් සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ.

සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර,නැගණිය දින 14 කදී ඇප මත නිදහස් වූ අතර පසුගිය 13 වැනිදා මාරවිල මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ මෙම නඩුව නැවත කැදවුවා. එම අවස්ථාවේදී අධිකරණය ඇමතූ සැකකාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ මින් මතු මෙවැනි වැරදි නොකරන බවට තම සේවාදායිකාවන් විවෘත අධිකරණයේදී පොරොන්දු වන බවයි.

එමෙන්ම ප්‍රධාන සැකකාරිය මසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැවින් ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන ලෙස නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා තිබෙන බවත් සදහන්.

ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා නඩු කටයුත්ත අවසන් කිරීමට තීරණය කළ අනතුරුව මින් මතු තමන් මෙවැනි වැරදි නොකරන බවට සැකකාරියන් දෙදෙනා විවෘත අධිකරණය හමුවේ කියා තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි සිද්ධියට මුහුණ දුන් උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගෙන් විවෘත අධිකරණයේදී වැද සමාව ඉල්ලා සිටීමටද සැකකාරියන් ඒ සමගම කටයුතු කර ඇති බවත් සදහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top