කෝලි නව ලෝක වාර්තාවක් අභියස
Tuesday, 14 January 2020 - 13:06 | Views - 823
ඉන්දීය නායක විරාට් කෝලි නව ලෝක වාර්තාවක් අභියස සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඒ, ජාත්‍යන්තර කණ්ඩායමක ක්‍රිකට් නායකයෙකු ලෙස වැඩිම ශතක රැස් කිරීමේ වාර්තාවයි.

මේ වන විට  ඕස්ට්‍රේලියාවේ හිටපු නායක රිකී පොන්ටින් ශතක 41ක් රැස් කර ගනිමින් එම වාර්තාව උසුලන අතර, බංග්ලාදේශයට එරෙහිව පසුගිය නොවැම්බරයේ රැස් කළ ශතකයත් සමඟ කෝලි එම වාර්තාව සම කළා.

සංචාරක  ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එක්දින තරගාවලිය අද මුම්බායි හිදී ඇරඹෙන අතර, එම තරගාවලියේදී ශතකයක් රැස් කර ගත හොත් විරාට් කෝලිට එම ලෝක වාර්තාව අභිබවා යාමට හැකි වනු ඇති.

මේ අතර, පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේදී නව පන්දු යැවීමේ වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

කුල්නා ටයිගර්ස් පිළ නියෝජනය කරන ඔහු රාජ්ෂානි රෝයල්ස් පිළ සමඟ ඊයේ පැවති තරඟයේදී පන්දු වාර 4ක් යවා ලකුණු 17කට කඩුලූ 6ක් බිද හෙලා තිබෙනවා.

තරඟයෙන් කුල්නා ටයිගර්ස් පිළට ලකුණු 27ක ජයක් හිමි වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top