චීන - රුසියානු විදේශ ඇමතිවරුන්, ජනපති සහ අගමැති හමුවීම පස්වරුවේ
Tuesday, 14 January 2020 - 12:55 | Views - 394
නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී සහ රුසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සර්ජි ලැවරොෆ් අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

එසේම දෙදින නිළ සංචාරයක් සඳහා අද අලූයම දිවයිනට පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබද සහකාර ලේකම්වරිය වන ඇලිස් වෙල්ස් ද අද පස්වරුවේ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ඇය අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී ද්වි පාර්ශවික සාකච්ඡාවක නිරත වුණා.

චීන සහ රුසියානු විදේශ කටයුතු පිළිබද අමාත්‍යවරුන් ද අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි අතර රුසියානු විදේශ අමාත්‍යවරයා දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේ අද පෙරවරුවේයි.

ඒ, හතලිස් දෙදෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමඟ මොස්කව් නුවර සිට පැමිණි රුසියාවට අයත් විශේෂ ගුවන් යානයකින්.

මේ අතර,  චීන සහ රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරුන් මෙරට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී මුණ ගැසුණා.

අද පස්වරුවේ රුසියානු විදේශ අමාත්‍යවරයා සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද එක්වීමට නියමිත බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top