කොටවෙහෙර දැරියට ක්‍රිකට් පිත්තකින් පහරදුන් සිද්ධියේ සුල මුල හෙළිවෙයි
Tuesday, 14 January 2020 - 11:20 | Views - 1,390
දරුවන්ට මවුපිය සරණ හැර අන් සරණක් මෙලොව තිබේද? ඒ සරණත් අහිමි වූ තැන දරුවන් අසරණ වන්නේ නිතැතින්මය. කුස තුළ සිටිද්දී දරුවන් මරා දමන පුවත් අපට ඕනෑතරම් අසන්නට දකින්නට ලැබේ.
 
තම ලෙයින් උපන් කුලුඳුල් කිරිකැටියන් මහමඟ දමා යන පුවත් අද ඕනෑ තරම් ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වේ. ඒ සියල්ලටම වඩා මවුපියන්ගේ තාඩන පීඩනවලින් පීඩා විඳින දරුවන් පිළිබඳ සිදුවීම් එමටය.

අද සමාජය එතරම්ම පිරිහීමට ලක්වී හමාරය. අද බොහෝදෙනකු තුළ පැවැති මානුෂීය ගතිපැවැතුම් සහමුලින්ම පාහේ ගිලිහී ගොස් තිබේ. මේ සියල්ලටම නිදසුන් සපයන අනුවේදනීය කතා පුවතක් මෑතකදී අපට අසන්නට ලැබිණි.
 
ඒ නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කොටවෙහෙර, අලුත්ගම ග්‍රාමසේවා වසමෙනි. සමාජ ජාලා මාධ්‍ය මඟින් රට පුරා ගිනි ජාලවක් මෙන් මෙම පුවත අනුවේදනීය ලෙස ප්‍රචලිත විය.
 
කෙසේ වෙතත් මෙම අනුවේදනීය කතා පුවත රට පුරා ප්‍රචලිත වීමත් සමඟ විවිධ කටකතා ඒ හරහා ගොඩනැඟුණි. ඒ නිසාම එහි සැබෑ තතු සොයා යන්නට අපි තීරණය කළෙමු.
 
සමාජ ජාලා මඟින් ප්‍රචාරය වූ ඉහත කී වීඩියෝව මඟින් ප්‍රචලිත වූයේ දැරියකට අමානුෂික ලෙස කාන්තාවන් දෙදෙනකු විසින් සිදුකරන ලද පහරදීමකි.
 
2020.01.03 දින සිදුවූ මෙම සිදුවීමෙන් පහරකෑමට ලක්වූ දැරිය නමින් ජෙමාල්දීන් අබ්දුල් මොහොමඩ් කල්පනී කෞශල්‍යාය. ඇය මේ වන විට අවුරුදු 13ක වයසේ පසුවන බාලවයස්කාර දැරියකි.
 
ඇයට ඇගේ කුඩම්මා කෙනකු සහ ග්‍රාමනිලධාරිනියක වන තවත් කුඩම්මා කෙනකු විසින් මෙලෙස අමානුෂිකව පහරදෙනු ලැබ තිබේ.
 
මේ දැරියගේ පියා ජෙමාල්දීන් අබ්දුල් මොහොමඩ් රොෂාන් නමැත්තෙකි. මව තට්ටවුන් පෙලිගේ තුෂාරි වේ. මේ වන විට ඔවුහු වෙන් වෙන්ම ජීවත් වන අය වෙති.
 
මෙම දැරිවිය ඉකුත් 28 වැනි දින අදාළ සුළු මවගේ නිවෙසට පැමිණ ඇත. ගම පුරා දවස් කිහිපයක් නිදහසේ කාලය ගත කිරීම සඳහා ගියමුත් එය දරාගත නොහැකිවූ ඇගේ සුළු මව හා ඇගේ සොයුරිය මෙලෙස ඇයට පහරදීම සිදුකර තිබේ.
 
මෙම අවස්ථාවට පෙර කිහිප වතාවකදීම මෙලෙසින්ම ඇයට පහරදීම් සිදුකර ඇති බවද දැනගන්නට ලැබිණි.
 
පහරදීමට අමතරව අතපය බැඳ මේ අහිංසක දැරිවිය කාමරයක සිරකර දමා ඇත.
 
ඉකුත් 03 වැනිදා අදාළ දැරිවියට පහර දෙන අයුරු ප්‍රදේශයේ තරුණයකු විසින් රූගත කරනු ලැබ මාධ්‍යයට මුදාහැරීමත් සමඟ මෙම කතාවෙහි බොහෝ රහසිගත කරුණු අනාවරණය විය.
 
කෙසේ නමුත් මේ වන විට අදාළ ග්‍රාම නිලධාරිනියගේ වැඩ තහනමකට ලක්කරනු ලැබ ඇත. දැරියගේ පියාද පහරදුන් කාන්තාවන් දෙදෙනාද 2020.01.16 දින තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
 
පහරකෑමට ලක්වූ දැරිය මේ වන විට රෝහල්ගත කර ඇති අතර ඇය 2020.01.09 දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව වාර්තා වේ. දැරිය සම්බන්ධ අනෙකුත් කටයුතු කුරුණෑගල පරිවාස නිලධාරීන්, ළමාරක්‍ෂක නිලධාරීන්, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මැදිහත්ව සිදුකරනු ලබයි.
 
මෙම පහරකෑමට ලක්වූ කල්පනී කුමාරි නමැති දැරිය මීට පෙර සිය මව හා මවු පාර්ශ්වයේ මිත්තණිය සමඟ එකට ජීවත්වී තිබේ. එම දැරිවියට තවත් සහෝදරියක්ද සිටියි.
 
අධිකරණයේ විභාග වූ නඩත්තු නඩුවකින් දැරියන් දෙදෙනාගේ නඩත්තුව සඳහා පියා විසින් මිත්තණිය වෙත නඩත්තු ගෙවීමක්ද සිදුකර ඇති බවට දැනගන්නට ලැබිණි.
 
කෙසේ නමුත් දැරියගේ මව වගකීම් විරහිතව හැසිරී ඇති අතර ඇය දැරියගේ පියාට අතිරේකව වෙනත් පිරිමින් කිහිපදෙනකු සමඟ සබඳතා පවත්වා ඇති බව පරීක්‍ෂණවලින් හෙළි කරගෙන ඇත. පසුව ඇය නිවෙසින් නික්ම ගොස් ඇතැයි කියැවේ.
 
ඇය නීත්‍යනුකූල නොවන ආකාරයට පවත්වාගෙන ගිය අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙසට බිහි වූ දරුවකු අත්තනගල්ල පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබේ. මේ අතර පියාද නීත්‍යනුකූල විවාහයකින් තොරව වෙනත් කාන්තාවක සමඟ ජීවත්වී ඇති අතර ඔවුනට (දැරියට පහර දුන් කාන්තාවන්ගෙන් එක් අයෙක්) එම සබඳතාවයේ ප්‍රතිඵලයක් ලෙස එක් දැරිවියක් සිටියි. කෙසේ වෙතත් මවුපියන්ගේ නොමනා හැසිරීම මත අසරණව සිටින්නේ හයක් හතරක් නොදත් මේ පුංචි මල් කැකුළුය.
 
මේ අතර දැරියගේ මවුපස මිත්තණිය වන එල්. ධනවතී පෙරේරා යන අයගෙන් සිදුවූ කායික හා මානුෂික හිංසා හේතුවෙන් සහ ඒ වන විට එම නිවෙසේ වාසය කරන ලද දැරියගේ මවගේ නිසි රැකවරණයක් නොලැබීම මත මීරිගම පොලිසිය මඟින් දැරිය 2017.10.12 දින අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
 
දැරිය අත්තම්මාට හා පියාට යන දෙදෙනාටම භාරදීම සුදුසු නොවූ හෙයින් තාවකාලිකව රම්මුතුගල රැඳවුම් නිවාසයක් වෙත පසුගියදා යොමු කර තිබේ. මෙම දැරිවිය ප්‍රකාශ කරන පරිදි මවුපස මිත්තණියගෙන්ද ඇයට විවිධ කායික හා මානසික පීඩා එල්ලවී ඇත.
 
මවගෙන් ආදරය නොලැබෙන බවද ඇගේ අනියම් සබඳතා හේතුවෙන් ඇතිවූ මානසික පීඩනය මතද දැරිය මිත්තණියගේ නිවෙසට යෑමද ප්‍රතික්ෂේප කර තිබේ.
 
මෙකී තත්ත්වයන් යටතේ දැරිය කිසිවකුට භාරදීම සුදුසු නොවන බැවින් තාවකාලිකව කිරිල්ලවල ‘සෙනෙහස දැරි” ළමා සංවර්ධන මධ්‍යස්ථානයට අධිකරණ නියෝගයක් මඟින් ඇතුළත් කර තිබේ.
 
කෙසේ නමුත් පියාගේ බලවත් ඉල්ලීම මත නැවතත් පියාගේ නිවෙසට රැගෙන ආ මෙම දැරිවියට මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදීමට සිදුව තිබේ.
 
දරුවන් යනු රටෙහි අනාගතයයි. එම දරුවන්ගේ අනාගතය සුබපල කරවීම සියලුදෙනාගේම වගකීමක් බවට පත්වේ. ඊටත් වඩා අප සැම මානුෂීය ගතිපැවතුම්වලින් පරිපූර්ණ විය යුතුය. එසේ වුවහොත් මෙවන් අනුවේදනීය කතාංගයන් මෙසිරිලකින් තවදුරටත් අපට අසන්නට නොලැබෙනු ඇත.
 
නදීශා ගයානි ගුණතිලක
මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top