රැකියාවක් සොයාගන්න ගෙදරින් ආපු තරුණියට මත්පෙති දී නරුමයෙක් කළ දේ
Tuesday, 14 January 2020 - 10:53 | Views - 406

රැකියාවක් සොයා ගැනීම සදහා නිවසින් පිටත්වු බව පවසන තරුණියක කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් මත්බෙහෙත් ලබාදි අතවර සිදුකල බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පරික්ෂන මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටුනායක පොලිසියට දැන්වීමට හිදෝගම පොලිස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශය කටයුතු කර තිබේ.
වයස අවුරුදු 17යි මාස හතරක් වන තරුණියක හා ඇගේ මව විසින් හිදෝගම පොලිස්ථානයට සිදුකල පැමිණිල්ලට අනුව මූලික විමර්ශන සිදුකර තිබෙන අතර මාස එකහාමාරකට පමණ පසුව ලැබුණු පැමිණිල්ලට අනුව වින්දිත තරුණිය අනුරාධපුර ශික්ෂන රෝහලේ අධිකරණ වෛද්‍යවරයාටත් යොමුකල බව පොලිසිය පවසයි.
තරුණිය රැකියාවක් සොයා ගැනීමට බව පවසා නිවසින් පිටවි අනුරාධපුර නගරයට පැමිණ තිබෙන බවත් ඇය නව නගර බස් නැවතුමේ රැදිසිටියදි පැමිණි දන්නා හදුනනා තරුණයෙකු රැකියාවක් සොයා දෙන්නම් යැයි පවසා අනුරාධපුර පැරණි නගර බස් නැවතුම ආසන්නයට ගෙන ගියබව පැමිණිල්ලේ සදහන් වන බව පොලිසිය කියයි.
බස් නැවතුමට ගිය තමන්ව අනුරාධපුරයේ සිට කොළඹ දක්වා ධාවනය වන බස් රථයකින් තරුණයා නිට්ටඹුවට රැගෙන ගොස් එතැනින් පසුව කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් නවාතැන් පලක නැවතු බව ඇය පොලිසියට පවසා තිබේ.
අනතුරුව මිතුරෙකු සමග පැමිණි සැකකරු තමන්ට කෑමට ආහාර පැකට්ටුවක් දුන්බවත් එය කෑමෙන් පසුව පැයකට අධික කාලයක් සිදුවු කිසිදු දෙයක් නොදන්නා බවත් ඈ පොලිසියට පවසා තිබුණාය.සිහිසුන්වු තමන්ට සිහිය එන අවස්ථාවේ ඇදමත නිරුවතින් සිටි බවත් සැකකාර තරුණයාත් නිරුවතින් එම ස්ථානයේ සිටි බවත් ඈ පොලිසියට පවසා තිබුණාය.
මාසයක පමණ කාලයක් කටුනායක ප්‍රදේශයේ ඇගළුම් කම්හලක සේවය කර වැටුප් ගබාගෙන නිවසට පැමිණ සිදුවු සිදුවිම මවට පවසා පැමිණිල්ල පොලිසියට ඉදිරිපත්කල බව ඇය පොලිසියට පවසා තිබුණි.
තරුණිය අනුරාධපුර ශික්ෂ රෝහලේ අධිකරණ වෛද්‍ය එච්.ඒ.කරුණාතිලක මහතා වෙත ඉදිරිපත්කර වෛද්‍ය පරික්ෂනයක් පවත්වා ඇතත් ඇයට කිසිදු අතවරයක් සිදුවි නැති බව වෛද්‍ය වාර් ථාවේ නිගමනය කරතිබු බවත් තරුණියගේ පැමිණිල්ල කටුනායක පොලිස්ථානයට යොමුකිරිමට අවශ්‍ය පියවරගත් බවත් හිදෝගම පොලිසිය පවසයි.
පැමිණිලිකාර තරුණිය සැකකරු හදුනනා බවට පොලිසියට සැකමතුවි තිබෙනා අතර ඇය ගොතන ලද පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කලේද යන්න පිළිබදව සැකමතුවන බව හිදෝගම පොලිසිය පවසයි.
හිදෝගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩී.පී.එස්.කොස්තා මහතාගේ උපදෙස්මත ළමා හා කාන්තා කාර්යංශය පැමිණිලි සටහන්කර අපරාධය සිදුවු බව කියන කටුනායක පොලිසියට වැඩිදුර විමර්ශන සදහා පැමිණිල්ල ඉදිරිපත්කර තිබේ.
අනුරාධපුර -මහේෂ් විජේසුරිය
Share This Article