ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි ලොවවටා දුම් වළාවක් නිර්මාණය කරනවා
Tuesday, 14 January 2020 - 10:43 | Views - 508
ඕස්ට්‍රේලියාව වෙලාගෙන ඇති අතිශය බිහිසුණු ලැව්ගිනි තත්ත්වය නිසා ඇති වන දුම් වළාවන් පෘථිවිය වටා ගමන් කරමින් ලොව පුරා පැතිරෙනු ඇති බවට නාසා ආයතනය අනතුරු අඟවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය ජනවාරි මුල් කාලයේ පැතිරුණු දුම් වළාවන් මේ වනවිට දකුණු ඇමෙරිකාව ආසන්නයේ පවතින බවයි. ඒවා තවදුරටත් පෘථිවිය වටා ගමන් කරමින් පවතින බවටද නාසා ආයතනය අනතුරු අඟවයි.

“දුමාරය ලොව පුරා අවම වශයෙන් එක් සම්පූර්ණ වටයක් පුරා පැතිරෙනු ඇති බව විශ්වාස කරනවා” එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය පැවසීය.

ඔස්ට්‍රේලියාව පුරා සිය ගණනක් ලැව්ගිනි හටගෙන ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු මෙම ලැව්ගිනි නිසා මියගොස් තිබේ.
එමෙන්ම ඉන් මියගිය සතුන් සංඛ්‍යාව මිලියන ගණනකි. මීට අමතරව නිවාස 2,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් පෙර නොවූ විරූ පරිමාණයේ හා ගින්නෙහි තීව්‍රතාවය උග්‍ර වී ඇති බව පරිසර විද්‍යාඥයෝ අනතුරු අඟවති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top