හැටන් - ගිනිගත්හේන මාර්ගයේ රිය අනතුරකින් 20 දෙනෙකු රෝහලට
Tuesday, 14 January 2020 - 10:17 | Views - 422
හැටන් - කොළඹ ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන - දියගල ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද පෙරවරුවේ හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් බස් රථ දෙකෙහිම මගීන් 20 දෙනෙකු තුවාල ලබා වටවල ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කෙරුණා.
ඉන් 8 දෙනෙකු ප්රතිකාර ලබා පිටව ගිය බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article