යුරෝපා සංගමයේ LTTE තහනම දිගුවෙයි
Tuesday, 14 January 2020 - 8:50 | Views - 574
යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

යුරෝපා කවුන්සිලය මගින් ත්‍රස්තවාදී සාමාජිකයන් සහ සංවිධාන පිළිබඳ සිය ලැයිස්තුව ඊයේ යාවත්කාලීන කරනු ලැබූ අතර, ඊට පුද්ගලයන් 15 දෙනෙකු සහ සංවිධාන 21ක් ඇතුළත්.

එලෙස ත්‍රස්තවාදීන් ලෙස නම් කෙරුණු පුද්ගලයන් වැඩි දෙනෙක් ඉස්ලාමීය අන්තවාදී සංවිධානවල නායකයන් එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස යළි නම් කර ඇත්තේ මැදපෙරදිග පලස්තීන සහ අනෙකුත් අන්තවාදී සංවිධාන සමඟයි.

මෙලෙස යුරෝපා සංගමයේ ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් වන පුද්ගලයන් සහ සංවිධානවල අරමුදල් හා වත්කම් යුරෝපා සංගමය තුළ තහනම් වනවා. ඔවුන් එම පියවර ගෙන ඇත්තේ ත්‍රස්තවාදය මැඬලීම සඳහා වන යුරෝපා සංගමයේ ක්‍රියාමාර්ගවලට අනුකූලවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top