යුරෝපා සංගමයේ LTTE තහනම දිගුවෙයි
Tuesday, 14 January 2020 - 8:50 | Views - 575
යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
යුරෝපා කවුන්සිලය මගින් ත්රස්තවාදී සාමාජිකයන් සහ සංවිධාන පිළිබඳ සිය ලැයිස්තුව ඊයේ යාවත්කාලීන කරනු ලැබූ අතර, ඊට පුද්ගලයන් 15 දෙනෙකු සහ සංවිධාන 21ක් ඇතුළත්.
එලෙස ත්රස්තවාදීන් ලෙස නම් කෙරුණු පුද්ගලයන් වැඩි දෙනෙක් ඉස්ලාමීය අන්තවාදී සංවිධානවල නායකයන් එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්රස්ත සංවිධානයක් ලෙස යළි නම් කර ඇත්තේ මැදපෙරදිග පලස්තීන සහ අනෙකුත් අන්තවාදී සංවිධාන සමඟයි.
මෙලෙස යුරෝපා සංගමයේ ත්රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් වන පුද්ගලයන් සහ සංවිධානවල අරමුදල් හා වත්කම් යුරෝපා සංගමය තුළ තහනම් වනවා. ඔවුන් එම පියවර ගෙන ඇත්තේ ත්රස්තවාදය මැඬලීම සඳහා වන යුරෝපා සංගමයේ ක්රියාමාර්ගවලට අනුකූලවයි.
Share This Article