සූදු පිටියේ මුදලට බුරුවා ගැසූ කාන්තාවන් 07 පොලිස් දැලේ
Tuesday, 14 January 2020 - 8:32 | Views - 1,044
හික්කඩුව වැල්ලවත්ත ප‍්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදු පිටියක් වටලා මුදලට බුරුවා ගසමින් සිටි කාන්තාවන් 07 දෙනෙකු හා නිවෙස් හිමි කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගත්බැව් හික්කඩුව පොලිසිය පවසයි.

මෙකී සූදු පිටිය පවත්වාගෙන ගොස් ඇත්තේ නිවෙස් හිමි කාන්තාව විසින් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් කාන්තාවන් මුදලට බුරුවා ගැසීම සඳහා මෙකී නිවසට

කොස්ගොඩ, අලූ‍ත්ගම ආදි විවිධ ප‍්‍රදේශවලින් පැමිණ සිට ඇති බව පොලිසිය පවසයි. මොවුන් ජංගම දුරකථන මාර්ගයෙන් කථාබස්කර ගනිමින් කොස්ගොඩ, අලූ‍ත්ගම, හික්කඩුව ආදී විවිධ ප‍්‍රදේශවල පිහිටි හිතවතුන්ගේ නිවෙස්වලට ගොස් බුරුවා ගැසීමේ නිරතව ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම කාන්තාවන් බුරුවා ගැසීමේ නිරත කාන්තාවන් පිරිසක් බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර තරුණියක්ද සිටි බව පොලිසිය පවසයි. මෙම කාන්තාවන් වයස අවුරුදු 40 ඇතුළු විවිධ වයස් කාණ්ඩවල පසුවන අය බව පොලිසිය පවසයි.

සැකකාරියන් හා සැකකරු ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. හික්කඩුව පොලිස් ස්ථානාධිපති පී.එල්. කිර්තිසිංහ, උපොප වෙලතන්ත‍්‍රී, පොකො 84903 ලක්මාල්, පොකො 68130 මහේෂ්, පොලිස් ආරකෂක සහායක 1862 සෙයිසා, කාපොකො 9605 උයංගනී, කාපොකො 8264 මදුවන්ති යන නිලධාරින් හා නිලධාරිණියන් මෙම වැටලීම සඳහා එක්වූහ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top