දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Tuesday, 14 January 2020 - 8:20 | Views - 340
කොළඹ සිට යාපනය බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ඊයේ (13) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු එලෙස දුම්රියේ ගැටී ඇති අතර පොලිසිය පැවසුවේ යාපනය, පුංගන්කුලම ප්රදේශයේ දී සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 65 හැවිරිදි අයෙක් බවයි.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහලේ තැන්පත්කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
Share This Article