දින 18කට පසු රාජිත රෝහලෙන් පිටව යයි
Tuesday, 14 January 2020 - 8:14 | Views - 415

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න දින 18කට පසු නාරාහේන්පිට ලංකා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද අලූයම 12.25ට ඔහු රෝහලෙන් නික්ම ගිය බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය වසරේ දෙසැම්බර් 26 වනදා අව් කණ්නාඩියක් සහ හිස්වැසුමක් පැළද සාමාන්‍ය පරිදි රෝහල් ගත වූයේ ඔහුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර තිබියදියි.
හෘද රෝග දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වූ ඔහු පසුව සාමාන්‍ය වාට්ටුවකට මාරු කරනු ලැබුවා.
කෙසේ නමුත් පසුගිය දින 18 පුරාම ඔහු රැඳී සිටියේ එම රෝහලේයි.
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව ඇප හිමි වූ පසුව ද නාරාහේන්පිට ලංකා රෝහලේ රැදී සිටියා.
කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත අයදුම්පත මේ මස 17 වන දා සලකා බැලීමට තීරණය කෙරුණා.
ඒ අනුව එදිනට දැනට ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත්තේ.
ඔහුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදෙන ලද ඇප නියෝගය නීතියට පටහැනි බව පවසමිනුයි නීතිපතිවරයා මෙම ප්‍රතිශෝධිත අයදුම්පත ගොනු කළේ.
මේ අතර, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබියදී ඔහු රෝහල්ගත වීම සහ ඔහුට ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපය පිළිබදව සැක පළ වන බැවින් ඒ සඳහා නිසි විමර්ශනයක් සිදුකිරීමේ බලය සෞඛ්‍ය අමාත්‍යාංශය සතු පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සිදුවිය යුතු බවයි එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ.
Share This Article