සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්ක ගත වැඩපිළිවෙලක් - ජනපතිගෙන් උපදෙස්
Monday, 13 January 2020 - 19:40 | Views - 722
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙලක් සැලසුම් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
මේ අතර, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 70 වන සංවත්සරය වෙනුවෙන් අද එහි පැවති රුක් රෝපණ වැඩසටහනකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්වුණා.
අග්‍රාමාත්‍යවරයා එහිදී පාසල් භූමිය තුළ නා පැළයක් ද රෝපණය කරනු ලැබුවා.
Share This Article